Skip to main content

Posts

පිදුරංගල ඉතිහාසය කියවන්න

සීගිරිය කියන්නේ දෙස් විදෙස් ලාංකිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වුන සංචාරක ගමනාන්තයක්. නමුත් සීගිරියට කිලෝමීටර් 2ක් තරම් නුදුරින් පිහිටි පිදුරංගල ගැන සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වුනේ මේ මෑත කාලිනවයි. පිදුරංගල මුදුනේ සිට සීගිරි ගල පසුබිමෙන් පෙනෙන විදියට ලබාගත් ඡයාරූප Facebook හි විවිධ පුද්ගලයින් පළකිරීමත් සමඟ පිදුරංගල කෙරෙහි සංචාරක ආකර්ෂණය වැඩිවුනා කිව්වොත් හරියටම හරි.ඒත් මේ රැල්ල අවසානයේ නතර වුනේ තරුණ පිරිමි ළමුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වීමෙන්.  අපි ඇවිදින්න යන්න ආසයි, අපි විනෝද චාරිකාවක් යන්නේ විනෝද වෙන්න තමයි. හැබැයි අපි යන්නේ කොතනටද ගිහින් හැසිරෙන්න ඕනේ මොන විදියටද කියන එක අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි කියන එකයි මගේ නම් අදහස.    කොහොම වුනත් මම මේ ලිපිය ලියන්න හිතුවේ පිදුරංගල ඇති ඓතිහාසික පසුබිම ගැන සොයා බැලීමයි.ඇත්තටම පිදුරංගල ඇති ඓතිහාසික වටිනාකම මොනවගේද? අතීතයේ එක තැනක කියවෙන විදියට කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා වැඩසිට තිබෙනවා. සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය ආලකමන්දාවක් බවට පත්කරද්දී භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ ...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද ? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. පා වහන් ඒ කියන්නේ පය වහන පැළඳුම කියන එක. ඔන්න එහෙනං දැනගන්න. පාවහන් වල ඉතිහාසය දැනට අවුරුදු 7000 ක් 8000ක් තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. හැබැයි මේ පාවහන් නිපදවන්න පාවිච්චි කරන ද්‍රව්‍ය ගොඩක් කල් නොපවතින හින්දා පාවහන් භාවිතයට මීටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන්න පුළුවන් කියලයි විශේෂඥයින් කියන්නේ. භෞතික මානව විද්‍යාඥ භෞතික මානව විද්‍යාඥ   එරික් ට්‍රින්කෞස් කියන විදියට නම් පාවහන් වල ඉතිහාසය අවුරුදු 40000 විතර ආපස්සට ගෙනියන්න පුළුවන් ලු. මානව අස්ථි වල විලුබේ අස්ථි ගෙවීයාම සලකලා බලලා තමයි එයා මෙහෙම නිගමනයකට ඇවිත් තියෙන්නේ.   සෙරෙප්පුවේ ඉඳලා බුට් සපත්තු වෙනකන් පාවහන් එක එක පාට එක එක විදිහේ එක එක මිල ගණන් වලට ගන්න පුළුවන් කියලා ඔයා ඉතින් දන්නවනේ. සාමාන්‍යයෙන් සපත්තුවක තියෙන ප්‍රධාන කොටස් ගැන ඔයා දැනුවත් වෙලා තියෙනවද ? අඩිය සපත්තුවෙහි යට කොටස අඩිය නමින් හඳුන්වනවා. ඇතුල් අඩිය ඇතුල් අඩිය යනු රෙදි සපත්තු අඩියකි. මෙය පාදය සපත...

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල් දේවාල ගානේ ඉන්න අහිකුන්ඨික කාන්තාවෝ නම් 100% ක්ම වගේ කියන්නේ අමූලික බොරු තමයි. ඒත් අපිට එතනින් නැවතිලා මේක බොරුවක් කියන්න බෑනේ. මොකද කාලයක් තිස්සේ පවතින්න නම් මෙතන මොනම හරි දෙයක් තියෙන්න ඕනේ. “අත බලා සාස්තර කීම” එහෙම නැත්නම් බර වචනෙන් කියනවා නම් හස්ත රේඛා ශාස්ත්‍රය ගැන අපි මොනවද දන්නේ? ඉතින් මට හිතුනා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ඕනේ කියලා. පත්තර පොත් ඇතුලේ, අන්තර්ජාලය ඇතුලේ මේ ගැන යහමින් කරුණු ටිකක් හොයාගන්න මට පුළුවන් වුනා කියලා මට හිතෙනවා. ඔයා හිතන්නේ මේ අත බලා සාස්තර කියන්නේ ආසියානු රටවල විතරයි කියලද? නෑ එහෙම නෑ. කොහොම වුනත් හස්ත රේඛා විද්‍යාව ආරම්භ වෙලා තියෙන්නේ ඉන්දියාවේ. එතනින් චීනයටත් චීනයෙන් ඊජිප්තුවටත් ඊජිප්තුවෙන් ග්‍රීසියටත් ග්‍රීසියෙන් යුරෝපයටත් ව්‍යාප්ත වුනා කියලා තමයි දැනගන්න ලැබුනේ. යුරෝපය ඇතුලේ මේ හස්ත රේඛා ශාස්ත්‍රය වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හේතුවුන එක පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඔහුව එක එක තැන්වල විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. William John Warner එ...

පාස්පෝට් තියෙනවද? වීසා නැතුව යන්න පුළුවන් රටවල් මෙන්න.

නවසීලන්තයේ Henley & Partners ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව වීසා ලබා ගැනීමෙන් තොරව හෝ පැමිණීමේදී වීසා ලබා ගැනීමේ පහසුව මත ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39 කට ඇතුළ් වීමේ හැකියාව පවතිනවා. මේ අනුව රටවල් 15 කට කිසිඳු වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් වීමේ හැකියාව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ලාබීන්ට ලැබී තියෙනවා. එම රටවල් හා ඒ රට තුළ වීසා රහිතව ගත කළ හැකි කාලය පහතින් දැක්වෙනවා. Bahamas – Visa not required 3months Barbados - Visa not required 6 months Dominica - Visa not required 6 months Ecuador - Visa not required 90days Gambia – Entry Clearance Required Grenada - - Visa not required 3months Haiti - Visa not required 90 days Iran - Visa not required 1month Malawi - Visa not required 30days Saint Kitts and Nevis – Visa not required Singapore – Visa not required 30 days Vanuatu - Visa not required 30 days Saint Vincent and Grenadines - Visa not required 1 month Phu Quac – without a visa for up to 30 days Micronesia – Visa not required 30 day...

ඕප්ස් දූප්ස්...

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද? දවල්ට කෑවේ මොනවද නොකළේ මොනාද කියලා මහ දෙයක් විදියට අරන් හොයන එක අපේ කාන්තා පාර්ශ්වයේ එදා ඉඳන් අද වෙනකන්ම තියෙන පුරුද්ද. අල්ලපු ගෙදර වෙන්නේ මොනවද කියලා හොයා ගන්න බැරිවුනොත් තමන්ගේ හිතට හිතෙන දේ ඇත්ත වගේ දැක්කා වගේ කිය කිය යන ග්‍රාමීය පුරුද්ද හින්දා කොයිතරම් ප්‍රශ්න ඇතිවෙනවද? ගමෙන්, ගෙදරින් නවතිනවා නම් හොඳයි. ඒත් ඉතින් ඒ පුරුද්දත් එක්ක office එන ගෑණු උදවිය වගේම චීත්ත වලින් විලි වහගත්ත පිරිමි හින්දා නින්දා, ප්‍රශංසා, කටකථා කියන දේවල් පැතිරෙන්නේ ගින්නක් නැතුව. මොනවා කරන්නද ඒක ඒ අයගේ හැටිනේ කියලා අහක දැම්මට ඒකෙන් සමාජෙට ඇති වෙන්නේ ලොකු පැල්ලමක් ඕපදුප, දන්න ඉංග්‍රීසියෙන් කියනවනම් Gossip. මේවට  අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම ලැදියාව හින්දම අද අපේ රටේ ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා තියෙනවා. කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම කොටියා ආපු දවස දන්නෑ වගේ. ගොසිප් කියවලා කියවලා ඇත්තක් කිව්වත් පිළිගන්නේ නැති තැනට දැන් ඇවිත් තියෙන්නේ. ඉස්සර අපේ අම්මා කියනවා කෙනෙක්ව අසතුටට පත්කරලා ලබන සාර්ථකත්...

විවේකයේ පාරාදීසය ගාලු මුවදොර

ජීවිතේ කොයිතරම් කාර්යබහුලද නේද?  සතිඅන්තයෙන් පස්සෙ ඔන්න ආයෙමත් වැඩ වැඩි සතියක් පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ සතිය අපි හැමෝම දන්න කියන තැනකින් පටන් ගන්න ඕනේ කියලා මම හිතුවා. කොළඹ අවට ඉන්න හැමෝම වගේ කෙටි නිවාඩුවක් ලැබුන ගමන් යන තැනක් ගැන තමයි අද මම ඔයාට ලියන්න හිතුවේ. ඒ වගේම පෙම් වතුන්ගේ පාරාදීසය විදියටත් මේ තැන හඳුන්වන්න පුළුවන්. ඉතින් කොයිකවුරුත් දන්න ගාලුමුවදොර පිටිය. එහෙම නැතිනම් Galleface එක ගැන නොදන්න දේවල් ටිකක් ලියන්නයි මම මේ හදන්නේ. ගොඩනැගිලි පිරුණු කොළඹ කොන්ක්‍රීට් වනාන්තරේ මැද්දේ තියෙන විශාලතම හිස් බිම් කඩ විදියට මේ ගාලුමුවදොර පිටිය හඳුන්වන්න පුළුවන්. එක් කෙළවරක් මුහුදටත් අනෙක් පසින් ගාලු පාරටත් මායිම්ව පිහිටන මේ බිම් කඩේ සුන්දර ඉතිහාස කතාවක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අද මම ඔයාට මේ ලියන්නේ. ගෝල්ෆේස් එහෙම නැතිනම් ගාලුමුවදොර කියන්නේ ශ්‍රී ලංකාවේ , කොළඹ තියෙන ඇවිදින්න වෙන්කරපු කිලෝමීටර් භාගයක් විතර දිග භූමියක්. Henry Ward කියන බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරයා තමයි මේ භූමිය නිර්මාණය කරලා තියෙන්නේ. අශ්වයො පදින්නයි ගොල්ෆ් ගහන්නයි තමයි ඒ දවස්වල මේ බිම වෙන්කරලා තිබිලා තියෙන්නේ. අද තියෙන...

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්.  එකිනෙකාට ආදරේ කරන ආදරවන්තයින්ගේ අවසන් බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ විවාහය. ගල්කිස්ස මහා හෝටලයේදී කොයිතරම් ආදර කතා එක්වෙන්න ඇතිද? එත් ඔබ දන්නවද මේ හෝටලය පිහිටා තිබෙන ගොඩනැගිල්ල තවත් ආදර කතාවක දුක්ඛිත මතකයක් දරාගෙන ඉන්න බව. මම අද ඔබට ලියන්නේ  ඒ දුක්බර ආදර කතාවේ සුන්දර මතකය ගැන. අද හෝටලයක් වුනත් ඉංග්‍රීසි යටත් විජිත කාලේ  මේක පාවිච්චි වෙලා තියෙන්නේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස විදියට. මේට්ලන්ඩ් බංගලාව කියලා තමයි මේ ගොඩනැගිල්ලට ඒ කාලේ කියලා තියෙන්නේ. හැබැයි මේට්ලන්ඩ්  ආණ්ඩුකාර වරයා අපේ රටින් නැව් නැගලා පිටත්ව යනවාත් එක්කම මේ ගොඩනැගිල්ලේ නම වෙනස් වෙනවා. ඒ “මවුන්ට් ලැවිනියා” විදියට. ඒ ගොඩනැගිල්ලට විතරක් නෙමෙයි අද වෙද්දී ඒ ප්‍රදේශයටත් කියන්නේ මවුන්ට් ලවීනියා කියලා. ඒ අවට තියෙන වෙරළතිරයත් හඳුන්වන්නේ ඒ නමින්. ඇයි ඒ? එයට හේතුවුනේ එකතු වෙන්න බැරි වුන දෙන්නෙක්ගේ නොනිමි ආදර කතාවක්. මේ ආදර කතාවේ ආදරවන්තයා ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්. එතකොට එයාගේ ආදරවන්තිය කවු...

ආදරණීය විප්ලවවාදියා - චේ ගුවේරා...

හැංගී හැංගී වෙස්මූණු බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා කතාවක් තියෙනවනේ අපේ සිංහල ජන සමාජය ඇතුලේ. කොහොම වුනත් මම අද කතා කරන්නේ හැංගී හැංගී සටන් කරපු, පොළොවෙ පය ගහලා එළිපිට ජීවත් වෙච්ච. පීඩිත පන්තිය වෙනුවෙන් වේදනා දුක් උහුලපු අති මානුශීය මිනිස් හදවතක් ගැන.. මෙහෙම කියනවට වඩා කෙටියෙන් කිව්වම කවුරුත් දන්න චේ ගුවේරා ගැන මම කතා කරන්න හිතුවේ ලෝකෙ වෙනුවෙන් වැඩක් කරපු අන්තිම හුස්ම ටික පවා අතීතයේ එක් දවසක  අනිත් මිනිස්සු වෙනුවෙන් කැප කරපු ඒ චරිතය ඇතුලේ අපිට ගන්න දෙයක් තියෙන හින්දා.චේ ගුවේරා ගැන කතා කරන්න  හරබර වචන ඕනේ නෑ.  ඔහු ගැන එක තනි වචනෙකින් කියනවා නම් චේ කියන්නේ පොරක්. චේ ගුවේරා කියන නම ඇහුන ගමන් අපි කාටත් ඒ රූපේ මතක් වෙනවා. මැද තරුවක් තියෙන කළු තොප්පිය දාලා මූණ පුරා රැවුල වවාගත්ත හැඩකාර මුණ අපි හැමෝගෙම හිතේ එක මොහොතකට ඇඳිලා මැකිලා යනවා. ඒ තරමටම ඔහුව අපිට දැකලා පුරුදුයි.සමාජවාදය කියන දේශපාලන ප්‍රතිපත්තියේ මුදුන් මුලක් වෙච්ච චේ ගුවේරා ගැන අපි දන්න කියන තොරතුරු හරි අඩුයි.  මොකද අද youth එකේ ඉන්න අපේ කොල්ලො කෙල්ලො ටික චේ ගේ රූපේ තියෙන ටී ෂර්ට් එකක් කැප් එකක් දාන්න  ...

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජත...

අපේ රටේ ජිවත් වුනු අරුම පුදුම දරුණු ජීවින් (නිට්ටෑවන්)

අපේ රටේ ජිවත් වුන පරණම ජන කොට්ඨාසය කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි ආදී වාසින් එහෙම නැත්තම් වැදි ජනතාව කියන දේ. හැබැයි අපි නොදන්නා අතීතයක අපේ රටේ ජිවත් වුන එක ජීවින් කොටසක් 17 වන සියවසේදී වඳවෙලා ගිහින් තියෙනවා. මේ ජීවින් තිරිසන් සත්ත්ව විශේෂයක් කියලා හඳුන්වන්නත් බෑ මිනිස්සු කියලා හඳුන්වන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ ජීවින් අරුම පුදුම ජිවී විශේෂයක් කියලා කියන්න අපිට පුලුවන්. මේ නිට්ටැවන් හරියට නොදියුණු ගෝත්‍රික කණ්ඩායමක් වගේ. කොහොම හරි මේ වෙද්දී මේ ජීවි විශේෂය සම්පුර්ණයෙන්ම වඳ වෙලා ගිහින් කියලා තමයි කියන්නේ. 17 වන 19 වන් සියවස් විතර වෙනකන් තමයි මේ ජීවීන් අපේ රටේ ඉඳලා තියෙන්නේ. මේ ජීවින් විනාස වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ වැදිජනතාව කියලා තමයි මට දැනගන්න ලැබුනේ. මිනී මස් වගේම අමු මස් ආහාරයට ගන්න පුරුදු වෙච්ච දරුණු ජීවින් කොටසක් තමයි මේ නිට්ටෑවෝ කියලා කියන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ නිට්ටෑවෝ මොනවගේ පිරිසක්ද ඒ අයගේ පෙනුම කොයි වගේද කියලා. ඇත්තටම නිට්ටෑවන්ට දිග තියුණු නියපොතු තිබිලා තියෙනවා. ඒ හින්දම තමයි මේ ජීවීන්ට මේ නම ලැබිලා තියෙන්නේ. නිය + ඈයෝ නිට්...

කෝච්චි වලට ඇයි පිරිමි නම් නැතුව කාන්තා නම් දාන්නේ?

මතකද කෝච්චියෙන් ගමනක් මුලින්ම ගියපු හැටි. ජීවිතේ එකම එක සැරයක් හරි දුම් රියෙන් ගමනක් ගිහින් ඇතිනේ. ඉතින් ඒ හින්දම ඔයා දන්නවා ඇතිනේ මේ දුම් රිය වලට නම් තියෙනව කියලත්. යාල් දේවි , උඩරට මැණිකේ, රුහුණු කුමාරි ඔය වගේ කාන්තා නම් තමයි දුම් රිය වලට තියෙන්නේ. ඇයි දුම් රියට පිරිමි නම් නැතුව කාන්තා නම් දාලා තියෙන්නේ? සුදු ජාතිකයො අපේ රටේ ඉතුරු කරලා ගියපු දේවල් අතරේ තියෙන වටිනාම දෙයක් තමයි දුම් රිය සේවාව කියලා කියන්නේ. හැබැයි ඉංග්රීසි ජාතිකයො මේ දුම් රිය සේවාව ගමනා ගමනයට නෙමෙයි පාවිච්චි කලේ. උඩරට ප්රදේශයේ වවපු තේ, කෝපි අගනුවරට ප්රවාහනය කරගන්න තමයි දුම් රිය මාර්ග පද්ධතිය නිර්මානය කලේ. කොළඹ ඉඳලා අඹේපුස්ස වෙනකන් කිලොමීටර් 54 දුර ප්රමාණය තමයි දුම් රිය මාර්ග පද්ධතියේ පළවෙනි පියවර වෙලා තියෙන්නේ. කවදාවත් මෙච්චර ලොකු වාහනයක් දැකලා නොතිබුණ හින්දා අපේ පැරැන්නන්ට මේක අපූරු අත්දැකීමක් වෙන්න ඇති නේද? දුම් දාන රිය දුම් රිය වුනා කියමුකො එත් ඇයි ඒකට කොච්චිය කියන්නේ කියලා නම් හොයාගන්න මට බැරිවුනා . ඒ කොහොම වුනත් ඉස්සර අපේ පැරැන්නො දුම් රිය අඳුන්නලා තියෙන්නේ යකඩ යකා කියලා. දුම් රිය සේවාවේ ස්ව...

උල්කාපාතයක ගැටුන අරුම පුදුම භූමිය.. ලංකාවෙන්

අපේ රටේ කොයිතරම් සුන්දර තැන් තියෙනවද? ඒ තැන්වල සුන්දරත්වයත් එක්කම හැංගුන වටිනාකම් ගොඩක් තියෙනවා. ලස්සන ජනප්රවාද, සුන්දර මතකයන් එක්වුන තැනක් ගැන ලියන්න ඕනේ කියලා මට හිතුනා.මම අද ඔයාට ලියන්නේ උස්සන්ගොඩ ගැන. කොළඹ ඉඳලා යනවා නම් මාතර හම්බන්තොට පාරේ ගිහිං තංගල්ල පහුකරලා කිලෝමීටර් 5ක් විතර ගියාම මේ උස්සන්ගොඩට හැරිලා යන්න ඕන පාර හම්බ වෙනවා. එතනින් කිලොමීටර් එකහමාරක් ගියාම තමයි මේ උස්සන්ගොඩ උද්යානය හම්බවෙන්නේ. අපේ රටේ 21 වෙනි ජාතික උද්යානය තමයි උස්සන්ගොඩ කියලා කියන්නේ. ඉතින් මේ තැන අතීතයේ ඉඳන් කටවහරේ එන ජනප්රවාද ගොඩක් තියෙන හින්දා තමයි මම අද මේ උස්සන්ගොඩ ගැන ඔයාට ලියන්න හිතුවේ. ඈත අතීතයේ අහසින් යන්න පුළුවන් වාහන අපේ පැරැන්නන්ට තිබුණා කියලා අපිට ඉඳලා හිටලා අහන්න ලැබෙනවනේ. උදාහරනයක් විදියට රාවණා රජතුමාගේ දඬුමොණරය ගැන පැරණි සාහිත්යයේ ලියවිලා තියෙනවනේ. ඉතින් මේ රාවණා රජතුමාගේ ගුවන් යානා ගොඩබාන්න හදපු ගුවන් පථය මේ උස්සන්ගොඩ පිහිටලා තියෙන රතුපාට පස්, පිච්චුන ගල් ඇතිවෙලා තියෙන රාවණාගේ දඬුමොණරය මේ ප්රදේශයේ ගොඩබාපු නිසා කියලා තමයි එක එක මතවල කියවෙන්නේ. උස්සන්ගොඩ උද්යානය බිහිවුන හැටි ...

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා...

චොකලට් තරම්ම රසවත් චොකලට් වල කතාව

මීට අවුරුදු දහස් ගාණකට කලින් කොකෝවා ගස් වැවිලා තියෙන්නේ ඇමසන් වනාන්තරේ වගේම දකුණු ඇමරිකාවේ ඔරිනෝකො තැනිතලා බිම්වල කියලා තමයි මට දැනගන්න ලැබුනේ. අතිවිශිෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු මායාවරු තමයි චොකලට් වල රස මුලින්ම විඳලා තියෙන්නේ. කොකොවා වගා කිරීමේ මුල්ම පියවර තියලා තියෙන්නෙත් මායාවරුන්ම තමයි. කොහොම වුනත් ඇස්ටෙක් අධිරාජ්යියේ පාලක වරු චොකලට් මුලින්ම පාවිච්චි ක රලා තියෙන්නේ බීමක් විදියට. ඇස්ටෙක් අධිරාජ්යෙය පාලකයෙක් වුන මොන්ටේසුමා චොකලට් බඳුන් 50ක් දවසකට පානය කළා කියලා ඉතිහාස ජනකථා වල කියවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇස්ටෙක් වරු කොයිතරම් කොකොවා රසයට ආදරේ කළාද කියනවා නම් කොකොවා ඇට මුදල්වලට සමාන කරලා තියෙනවා. ක්රිු.ව 1700 දී විතර හොයාගත්ත චොකලට් ආහාරයට ගැනීම ආරම්භ වෙලා තියෙන්නේ ක්රිර.ව 1800 දී විතරලු. විද්යාලත්මක පරීක්ෂණ වල කියවෙන විදියට නම් කොකෝවා අඩංගු ආහාර පරිභෝජනය කරන අයට හදවත් රෝග අඩුයි ලු. ඒ වගේම අතීතයේදී චොකලට් ශක්ති ජනක පානයක් විදියට පවිච්චි කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම චොකලට් වල විටමින් ඒ, සී , ඩී අඩංගු වෙලා තියෙනවා ඒ වගේම චොකලට් නිතර ආහාරයට ගන්න අය හුඟක් සංවේද...

මඟුල් පෝරුවේ රසවත් ඉතිහාස කතාව කියවන්න

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැළකිලිමත් වෙන හොඳම අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. විවාහයක වැදගත් අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ අතරින් පෝරුව හා බැඳුන සිරිත් විරිත් ගැන වගේම පොරුව හා බැඳුන මිත්‍යා මත ගැන තමයි මම අද ඔයාට ලියන්න යන්නේ. ඉතින් ඔයා දන්නවද කොහොමද මේ පෝරුව ආරම්භ වුනේ කියලා. පෝරුවේ චාරිත්‍ර කොතන කොයිවිදියට ආරම්භ වුනාද කියලා නිශ්චිත සාක්ෂි හම්බවෙන්නේ නෑ. ඒ හින්දා විවිධ අය මේ ගැන විවිධ මත පළ කරනවා. මහා සම්මත රජකාලේ ඉඳලා මේ පෝරුව පැවතගෙන එන බව සමහරුන්ගේ අදහසයි. මහා සම්මත රජු හා මැණික්පාලී කුමරිය අතර සිද්ද වෙච්ච විවාහ මංගල්‍යයට දස්කම් දිව්‍ය රාජයා විසින් කරපු නිර්මානයක් විදියටත් ඒ වගේම  පද්මාවතී කුමරිය බරණැස රජුට පාවා දුන් අවස්ථාවේ ඉඳලා මේ පෝරුව පැවත එන බවත් සඳහන් වෙනවා. තවත් මතයක කියවෙන විදියට සිද්ධාර්ථ යශෝදරා විවාහයේ පටන් මේ පෝරු චාරිත්‍ර ආරම්භ වුන බව පිළිගන්නා පිරිසකුත් අපි අතර ඉන්නවා. අලුත් යුවළට සෙත් ශාන්ති උදාකරන ක්‍රමයක් විදියට මේ පෝරුව චාරිත්‍ර හඳුන...

රාවණා රජතුමාව පාවා දුන් .. එතුමාගෙ සහෝදරයා විභීෂණ රජතුමා

අපේ රටේ ඉතිහාස කතාව හොයාගෙන යන ගමනෙදි අපිට මුණ ගැහෙන අති විශිෂ්ඨම චරිතය තමයි රාවණා කියලා කියන්නේ. ඉන්දියානු ජන සාහිත්යමයේ එන රාමායනයේ කියවෙන විදියට මේ විශිෂ්ඨ රාජ්ය පාලකයා නිහඬ වෙන්නේ රාම එක්ක පැවතිච්ච සටන හින්දා. රාවණා කියන්නේ මුළු විශ්වයටම තම බල පරාක්රවමය විහිදවපු රජ කෙනෙක්. හැබැයි ඉන්දියාවේ හිටිය ප්රාවදේශීය පාලකයෙක් වුන රාමට මේ රාවණා රජතුමා පරාද වෙනවා. ඒ පරාජයට හේතුව වෙන්නේ රාවණා රජතුමාගේ සහෝදරයෙක් වුන විභීෂණ. ඉතින් අපේ හෙළයන්ගේ ඉතිහාසය හොයාගෙන යන අද දවසේ මම හිතුවා මේ විභීෂණ කියන ඉතිහාස ගත වුන චරිතය ගැන හොයලා බලන්න ඕනේ කියලා. විභීෂණ කියන නමත් එක්ක එක තැනක රජතුමා කියලත් තවත් තැනක දෙවියන් කියලත් යෙදෙන අවස්ථා අපිට මුණ ගැහෙනවා. විභීෂණ කියන්නේ දෙවි කෙනෙක්ද එහෙම නැත්තම් රජ කෙනෙක්ද? ලංකාව පාලනය කරන, මේ හෙළදිවයින ආරක්ෂා කරන සතර වරම් දෙවිවරු අතරින් කෙනෙක් විදියට විභීෂණ දෙවියන්ව අඳුන්නනවා... අනෙක් තුන් දෙනා වෙන්නේ උපුල්වන් , සමන් , ස්කන්ධ කුමාර කියන දෙවිවරුයි.. මේ විභීෂණ දෙවියන් දේවත්වයට පත්වෙන්න කලින් අතීත හෙළදිවයිනේ රජ කෙනෙක් විදියට ජීවත් වුනා.. රාවණා රජතුමාගෙන් පස්සේ මේ...