Skip to main content

Posts

Showing posts from October, 2017

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල් දේවාල ගානේ ඉන්න අහිකුන්ඨික කාන්තාවෝ නම් 100% ක්ම වගේ කියන්නේ අමූලික බොරු තමයි. ඒත් අපිට එතනින් නැවතිලා මේක බොරුවක් කියන්න බෑනේ. මොකද කාලයක් තිස්සේ පවතින්න නම් මෙතන මොනම හරි දෙයක් තියෙන්න ඕනේ. “අත බලා සාස්තර කීම” එහෙම නැත්නම් බර වචනෙන් කියනවා නම් හස්ත රේඛා ශාස්ත්‍රය ගැන අපි මොනවද දන්නේ? ඉතින් මට හිතුනා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ඕනේ කියලා. පත්තර පොත් ඇතුලේ, අන්තර්ජාලය ඇතුලේ මේ ගැන යහමින් කරුණු ටිකක් හොයාගන්න මට පුළුවන් වුනා කියලා මට හිතෙනවා. ඔයා හිතන්නේ මේ අත බලා සාස්තර කියන්නේ ආසියානු රටවල විතරයි කියලද? නෑ එහෙම නෑ. කොහොම වුනත් හස්ත රේඛා විද්‍යාව ආරම්භ වෙලා තියෙන්නේ ඉන්දියාවේ. එතනින් චීනයටත් චීනයෙන් ඊජිප්තුවටත් ඊජිප්තුවෙන් ග්‍රීසියටත් ග්‍රීසියෙන් යුරෝපයටත් ව්‍යාප්ත වුනා කියලා තමයි දැනගන්න ලැබුනේ. යුරෝපය ඇතුලේ මේ හස්ත රේඛා ශාස්ත්‍රය වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හේතුවුන එක පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඔහුව එක එක තැන්වල විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. William John Warner එ

පාස්පෝට් තියෙනවද? වීසා නැතුව යන්න පුළුවන් රටවල් මෙන්න.

නවසීලන්තයේ Henley & Partners ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව වීසා ලබා ගැනීමෙන් තොරව හෝ පැමිණීමේදී වීසා ලබා ගැනීමේ පහසුව මත ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39 කට ඇතුළ් වීමේ හැකියාව පවතිනවා. මේ අනුව රටවල් 15 කට කිසිඳු වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් වීමේ හැකියාව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ලාබීන්ට ලැබී තියෙනවා. එම රටවල් හා ඒ රට තුළ වීසා රහිතව ගත කළ හැකි කාලය පහතින් දැක්වෙනවා. Bahamas – Visa not required 3months Barbados - Visa not required 6 months Dominica - Visa not required 6 months Ecuador - Visa not required 90days Gambia – Entry Clearance Required Grenada - - Visa not required 3months Haiti - Visa not required 90 days Iran - Visa not required 1month Malawi - Visa not required 30days Saint Kitts and Nevis – Visa not required Singapore – Visa not required 30 days Vanuatu - Visa not required 30 days Saint Vincent and Grenadines - Visa not required 1 month Phu Quac – without a visa for up to 30 days Micronesia – Visa not required 30 day

ඕප්ස් දූප්ස්...

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද? දවල්ට කෑවේ මොනවද නොකළේ මොනාද කියලා මහ දෙයක් විදියට අරන් හොයන එක අපේ කාන්තා පාර්ශ්වයේ එදා ඉඳන් අද වෙනකන්ම තියෙන පුරුද්ද. අල්ලපු ගෙදර වෙන්නේ මොනවද කියලා හොයා ගන්න බැරිවුනොත් තමන්ගේ හිතට හිතෙන දේ ඇත්ත වගේ දැක්කා වගේ කිය කිය යන ග්‍රාමීය පුරුද්ද හින්දා කොයිතරම් ප්‍රශ්න ඇතිවෙනවද? ගමෙන්, ගෙදරින් නවතිනවා නම් හොඳයි. ඒත් ඉතින් ඒ පුරුද්දත් එක්ක office එන ගෑණු උදවිය වගේම චීත්ත වලින් විලි වහගත්ත පිරිමි හින්දා නින්දා, ප්‍රශංසා, කටකථා කියන දේවල් පැතිරෙන්නේ ගින්නක් නැතුව. මොනවා කරන්නද ඒක ඒ අයගේ හැටිනේ කියලා අහක දැම්මට ඒකෙන් සමාජෙට ඇති වෙන්නේ ලොකු පැල්ලමක් ඕපදුප, දන්න ඉංග්‍රීසියෙන් කියනවනම් Gossip. මේවට  අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම ලැදියාව හින්දම අද අපේ රටේ ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා තියෙනවා. කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම කොටියා ආපු දවස දන්නෑ වගේ. ගොසිප් කියවලා කියවලා ඇත්තක් කිව්වත් පිළිගන්නේ නැති තැනට දැන් ඇවිත් තියෙන්නේ. ඉස්සර අපේ අම්මා කියනවා කෙනෙක්ව අසතුටට පත්කරලා ලබන සාර්ථකත්වය න

විවේකයේ පාරාදීසය ගාලු මුවදොර

ජීවිතේ කොයිතරම් කාර්යබහුලද නේද?  සතිඅන්තයෙන් පස්සෙ ඔන්න ආයෙමත් වැඩ වැඩි සතියක් පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ සතිය අපි හැමෝම දන්න කියන තැනකින් පටන් ගන්න ඕනේ කියලා මම හිතුවා. කොළඹ අවට ඉන්න හැමෝම වගේ කෙටි නිවාඩුවක් ලැබුන ගමන් යන තැනක් ගැන තමයි අද මම ඔයාට ලියන්න හිතුවේ. ඒ වගේම පෙම් වතුන්ගේ පාරාදීසය විදියටත් මේ තැන හඳුන්වන්න පුළුවන්. ඉතින් කොයිකවුරුත් දන්න ගාලුමුවදොර පිටිය. එහෙම නැතිනම් Galleface එක ගැන නොදන්න දේවල් ටිකක් ලියන්නයි මම මේ හදන්නේ. ගොඩනැගිලි පිරුණු කොළඹ කොන්ක්‍රීට් වනාන්තරේ මැද්දේ තියෙන විශාලතම හිස් බිම් කඩ විදියට මේ ගාලුමුවදොර පිටිය හඳුන්වන්න පුළුවන්. එක් කෙළවරක් මුහුදටත් අනෙක් පසින් ගාලු පාරටත් මායිම්ව පිහිටන මේ බිම් කඩේ සුන්දර ඉතිහාස කතාවක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අද මම ඔයාට මේ ලියන්නේ. ගෝල්ෆේස් එහෙම නැතිනම් ගාලුමුවදොර කියන්නේ ශ්‍රී ලංකාවේ , කොළඹ තියෙන ඇවිදින්න වෙන්කරපු කිලෝමීටර් භාගයක් විතර දිග භූමියක්. Henry Ward කියන බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරයා තමයි මේ භූමිය නිර්මාණය කරලා තියෙන්නේ. අශ්වයො පදින්නයි ගොල්ෆ් ගහන්නයි තමයි ඒ දවස්වල මේ බිම වෙන්කරලා තිබිලා තියෙන්නේ. අද තියෙනවට ව