Skip to main content

Posts

Showing posts from January, 2018

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද ? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. පා වහන් ඒ කියන්නේ පය වහන පැළඳුම කියන එක. ඔන්න එහෙනං දැනගන්න. පාවහන් වල ඉතිහාසය දැනට අවුරුදු 7000 ක් 8000ක් තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. හැබැයි මේ පාවහන් නිපදවන්න පාවිච්චි කරන ද්‍රව්‍ය ගොඩක් කල් නොපවතින හින්දා පාවහන් භාවිතයට මීටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන්න පුළුවන් කියලයි විශේෂඥයින් කියන්නේ. භෞතික මානව විද්‍යාඥ භෞතික මානව විද්‍යාඥ   එරික් ට්‍රින්කෞස් කියන විදියට නම් පාවහන් වල ඉතිහාසය අවුරුදු 40000 විතර ආපස්සට ගෙනියන්න පුළුවන් ලු. මානව අස්ථි වල විලුබේ අස්ථි ගෙවීයාම සලකලා බලලා තමයි එයා මෙහෙම නිගමනයකට ඇවිත් තියෙන්නේ.   සෙරෙප්පුවේ ඉඳලා බුට් සපත්තු වෙනකන් පාවහන් එක එක පාට එක එක විදිහේ එක එක මිල ගණන් වලට ගන්න පුළුවන් කියලා ඔයා ඉතින් දන්නවනේ. සාමාන්‍යයෙන් සපත්තුවක තියෙන ප්‍රධාන කොටස් ගැන ඔයා දැනුවත් වෙලා තියෙනවද ? අඩිය සපත්තුවෙහි යට කොටස අඩිය නමින් හඳුන්වනවා. ඇතුල් අඩිය ඇතුල් අඩිය යනු රෙදි සපත්තු අඩියකි. මෙය පාදය සපත්තුවෙහි ස