Skip to main content

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. පා වහන් ඒ කියන්නේ පය වහන පැළඳුම කියන එක.
ඔන්න එහෙනං දැනගන්න. පාවහන් වල ඉතිහාසය දැනට අවුරුදු 7000 ක් 8000ක් තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. හැබැයි මේ පාවහන් නිපදවන්න පාවිච්චි කරන ද්‍රව්‍ය ගොඩක් කල් නොපවතින හින්දා පාවහන් භාවිතයට මීටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන්න පුළුවන් කියලයි විශේෂඥයින් කියන්නේ. භෞතික මානව විද්‍යාඥ භෞතික මානව විද්‍යාඥ එරික් ට්‍රින්කෞස් කියන විදියට නම් පාවහන් වල ඉතිහාසය අවුරුදු 40000 විතර ආපස්සට ගෙනියන්න පුළුවන් ලු. මානව අස්ථි වල විලුබේ අස්ථි ගෙවීයාම සලකලා බලලා තමයි එයා මෙහෙම නිගමනයකට ඇවිත් තියෙන්නේ.
 සෙරෙප්පුවේ ඉඳලා බුට් සපත්තු වෙනකන් පාවහන් එක එක පාට එක එක විදිහේ එක එක මිල ගණන් වලට ගන්න පුළුවන් කියලා ඔයා ඉතින් දන්නවනේ. සාමාන්‍යයෙන් සපත්තුවක තියෙන ප්‍රධාන කොටස් ගැන ඔයා දැනුවත් වෙලා තියෙනවද?
අඩිය
සපත්තුවෙහි යට කොටස අඩිය නමින් හඳුන්වනවා.
ඇතුල් අඩිය
ඇතුල් අඩිය යනු රෙදි සපත්තු අඩියකි. මෙය පාදය සපත්තුවෙහි ස්පර්ෂ වන ස්ථානයේ පිහිටයි. බාෙහෝ සපත්තු ඉවත් කල හැකි හා නැවත දැමිය හැකි ඇතුල් අඩියකින් යුක්තය. බාෙහෝ විට සුව පහසුව සදහා අතුල් අඩි කිහිපයක් සවිකරයි.
පිට අඩිය
පිට අඩිය යනු ඍජුවම පොළොව  සමග ගැටෙන කොටස්ය. ගැහැණු විලසිතා සපත්තු වල පිට අඩිය බාෙහා්විට හං වේ. සාමාන්‍ය ඇඳුම හො රැකියා සපත්තු වල පිට අඩිය ස්වාභාවික රබර් හෝ කෘත්‍රිම රබර් වලින් සදා ඇත. එක් කොටසකින් හෝ විවිධ ද්‍රව්‍යය වලින් සමන්විත කොටස් කීපයකින් සමන්විත විය හැක. බොහොවිට H පිටුපස කොටස කල්පැවත්ම සදහා රබර් වලින්ද, ඉදිරි කොටස විලසිතා සදහා හං වලින්ද සදයි. විශේෂ සපත්තු වලදී මෙය වෙනස්විය හැක. ක්‍රීඩා සපත්තු වල ඇණ සහිත පිට අඩිය ද නැතුම් සපත්තු සුමුදු පිට අඩිය ද සමන්විත වේ.
මැද අඩිය
මෙය පිට අඩිය හා ඇතුල් අඩිය අතර අැති පාදයට අතිවන තෙරපුම අඩු කිරීමට සාදා ඇති කොටසකි. නිපදවන ආයතනය අනුව මෙහි අඩංගු දෑ වෙනස් වේ. සමහර සපත්තු වල මැද අඩියක් නොමැත.

සපත්තුවේ උඩ කොටස

ඕනෑම සපත්තුවක උඩ කොටස සපත්තුව පයෙහි රදවා ගනීමට උපකාර කරයි. සරල සපත්තු වල උඩ කොටස බොහෝ විට කුඩා පටි කිහිපයකින් සමන්විත වේ. එහෙත් පිරිමි සපත්තු හො බූට් සපත්තු වල වඩා සංකීර්ණ උඩ කොටසක් ඇත.

ඉතිහාසයට උරුම කම් කියන සපත්තු වර්ග කීපයක් තියෙනවා.
ඒවා තමයි..
එස්පඩරිල්ලීස්
14 වන ශතවර්ෂයේදී භවිතා කල සපත්තු.
පැටන් සපත්තු
යුරොපා රටවල 20 වන ශතවර්ෂයේදී කකුල් වියළිව තබා ගනීමට උදව් විය.
පොලඉනි
1400දී යුරොපා රටවල භවිතා කල දිග සපත්තු වර්ගයකි.
මොක්කසින්ස්
උතුරු අමරිකානු ගෝත්‍රික සපත්තු වර්ගයකි.


ආසියානු රටවල උතුරු යුරෝපයේ වගේම අරාබි රටවල නිවසකට ඇතුළු වීමේදී පාවහන් ගැලවීම සිරිතක් විදියට අනුගමනය කරනවා. ඒ වගේම තමයි අප්‍රිකානු සහ අරාබි රටවල වැරදීමකින් හරි පාවහන් පෙන්වීම නොකළ යුතු දෙයක් විදියට තමයි සලකන්නේ. තායිලන්තයේ නම් පාවහන් හෝ මේස් හිසේ වැදීම තමන්ට කරපු අගෞරවයක් විදියට සලකනු ලබනවා. අපේ රටෙත් ඉතින් ඊට දෙවෙනි නෑනේ. හුඟක් කාන්තාවෝ තමන්ගේ ආරක්ෂාවට කරන්නේ ඉතින් සෙරෙප්පුව අතට ගන්න එකනේ නේද?

Comments

  1. https://newcrackkey.com/revo-uninstaller-pro-crack/
    Revo Uninstaller pro 4.4.5 crack is an ingenious removal system them source user to removal redundant organize or remove successfully unpleasant estimate institute on user Macintosh.

    ReplyDelete
  2. Thank you, I’ve recently been searching for information about this subject for a long time and yours is the best I have found out so far. newcracksoft.com

    ReplyDelete
  3. I really enjoy reading your post about this Posting. This sort of clever work and coverage! Keep up the wonderful works guys, thanks for sharing Iobit Malware Fighter Crack

    ReplyDelete
  4. Leawo Total Media Converter Key permit tape exchange that you upload as of the net. It assist near ornament
    https://freeforfile.com/leawo-total-media-converter-crack-free-download/

    ReplyDelete
  5. Hey! This is my first visit to your blog.
    We are a collection of volunteers starting with one
    a new project in the community in the same niche.
    Your blog has provided us with useful information to work with. YOU
    did a fantastic job!
    autocad crack
    audials one crack
    audials one crack
    secret disk pro crack

    ReplyDelete
  6. Wow, this is a great blog design! How long are they allowed to stay in their current state?
    Have you ever created your own blog? You made the blog simple.
    Everything about your site is great, not to mention the content.I use this software and no errors or errors were discovered, so I think this is the best choice.
    Multilingual skills and collaboration have been very helpful to me.Excellent article. I really like it and I'm very impressed with your work in this article. Keep it up and keep sharing this kind of useful and useful information with us. Thank you for sharing with us.
    attack on titan crack
    screenhunter pro crack
    blumentals htmlpad crack
    freemake video converter crack

    ReplyDelete
  7. I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
    Secure Delete Professional Crack
    Carbon Copy Cloner Crack

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කු

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා