Skip to main content

Posts

Showing posts from August, 2017

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්.  එකිනෙකාට ආදරේ කරන ආදරවන්තයින්ගේ අවසන් බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ විවාහය. ගල්කිස්ස මහා හෝටලයේදී කොයිතරම් ආදර කතා එක්වෙන්න ඇතිද? එත් ඔබ දන්නවද මේ හෝටලය පිහිටා තිබෙන ගොඩනැගිල්ල තවත් ආදර කතාවක දුක්ඛිත මතකයක් දරාගෙන ඉන්න බව. මම අද ඔබට ලියන්නේ  ඒ දුක්බර ආදර කතාවේ සුන්දර මතකය ගැන. අද හෝටලයක් වුනත් ඉංග්‍රීසි යටත් විජිත කාලේ  මේක පාවිච්චි වෙලා තියෙන්නේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස විදියට. මේට්ලන්ඩ් බංගලාව කියලා තමයි මේ ගොඩනැගිල්ලට ඒ කාලේ කියලා තියෙන්නේ. හැබැයි මේට්ලන්ඩ්  ආණ්ඩුකාර වරයා අපේ රටින් නැව් නැගලා පිටත්ව යනවාත් එක්කම මේ ගොඩනැගිල්ලේ නම වෙනස් වෙනවා. ඒ “මවුන්ට් ලැවිනියා” විදියට. ඒ ගොඩනැගිල්ලට විතරක් නෙමෙයි අද වෙද්දී ඒ ප්‍රදේශයටත් කියන්නේ මවුන්ට් ලවීනියා කියලා. ඒ අවට තියෙන වෙරළතිරයත් හඳුන්වන්නේ ඒ නමින්. ඇයි ඒ? එයට හේතුවුනේ එකතු වෙන්න බැරි වුන දෙන්නෙක්ගේ නොනිමි ආදර කතාවක්. මේ ආදර කතාවේ ආදරවන්තයා ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්. එතකොට එයාගේ ආදරවන්තිය කවුද? තෝමස් මේට්ලන්ඩ්

ආදරණීය විප්ලවවාදියා - චේ ගුවේරා...

හැංගී හැංගී වෙස්මූණු බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා කතාවක් තියෙනවනේ අපේ සිංහල ජන සමාජය ඇතුලේ. කොහොම වුනත් මම අද කතා කරන්නේ හැංගී හැංගී සටන් කරපු, පොළොවෙ පය ගහලා එළිපිට ජීවත් වෙච්ච. පීඩිත පන්තිය වෙනුවෙන් වේදනා දුක් උහුලපු අති මානුශීය මිනිස් හදවතක් ගැන.. මෙහෙම කියනවට වඩා කෙටියෙන් කිව්වම කවුරුත් දන්න චේ ගුවේරා ගැන මම කතා කරන්න හිතුවේ ලෝකෙ වෙනුවෙන් වැඩක් කරපු අන්තිම හුස්ම ටික පවා අතීතයේ එක් දවසක  අනිත් මිනිස්සු වෙනුවෙන් කැප කරපු ඒ චරිතය ඇතුලේ අපිට ගන්න දෙයක් තියෙන හින්දා.චේ ගුවේරා ගැන කතා කරන්න  හරබර වචන ඕනේ නෑ.  ඔහු ගැන එක තනි වචනෙකින් කියනවා නම් චේ කියන්නේ පොරක්. චේ ගුවේරා කියන නම ඇහුන ගමන් අපි කාටත් ඒ රූපේ මතක් වෙනවා. මැද තරුවක් තියෙන කළු තොප්පිය දාලා මූණ පුරා රැවුල වවාගත්ත හැඩකාර මුණ අපි හැමෝගෙම හිතේ එක මොහොතකට ඇඳිලා මැකිලා යනවා. ඒ තරමටම ඔහුව අපිට දැකලා පුරුදුයි.සමාජවාදය කියන දේශපාලන ප්‍රතිපත්තියේ මුදුන් මුලක් වෙච්ච චේ ගුවේරා ගැන අපි දන්න කියන තොරතුරු හරි අඩුයි.  මොකද අද youth එකේ ඉන්න අපේ කොල්ලො කෙල්ලො ටික චේ ගේ රූපේ තියෙන ටී ෂර්ට් එකක් කැප් එකක් දාන්න  උනන්දු වෙනවා මිසක් ඒ චරි

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කු

අපේ රටේ ජිවත් වුනු අරුම පුදුම දරුණු ජීවින් (නිට්ටෑවන්)

අපේ රටේ ජිවත් වුන පරණම ජන කොට්ඨාසය කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි ආදී වාසින් එහෙම නැත්තම් වැදි ජනතාව කියන දේ. හැබැයි අපි නොදන්නා අතීතයක අපේ රටේ ජිවත් වුන එක ජීවින් කොටසක් 17 වන සියවසේදී වඳවෙලා ගිහින් තියෙනවා. මේ ජීවින් තිරිසන් සත්ත්ව විශේෂයක් කියලා හඳුන්වන්නත් බෑ මිනිස්සු කියලා හඳුන්වන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ ජීවින් අරුම පුදුම ජිවී විශේෂයක් කියලා කියන්න අපිට පුලුවන්. මේ නිට්ටැවන් හරියට නොදියුණු ගෝත්‍රික කණ්ඩායමක් වගේ. කොහොම හරි මේ වෙද්දී මේ ජීවි විශේෂය සම්පුර්ණයෙන්ම වඳ වෙලා ගිහින් කියලා තමයි කියන්නේ. 17 වන 19 වන් සියවස් විතර වෙනකන් තමයි මේ ජීවීන් අපේ රටේ ඉඳලා තියෙන්නේ. මේ ජීවින් විනාස වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ වැදිජනතාව කියලා තමයි මට දැනගන්න ලැබුනේ. මිනී මස් වගේම අමු මස් ආහාරයට ගන්න පුරුදු වෙච්ච දරුණු ජීවින් කොටසක් තමයි මේ නිට්ටෑවෝ කියලා කියන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ නිට්ටෑවෝ මොනවගේ පිරිසක්ද ඒ අයගේ පෙනුම කොයි වගේද කියලා. ඇත්තටම නිට්ටෑවන්ට දිග තියුණු නියපොතු තිබිලා තියෙනවා. ඒ හින්දම තමයි මේ ජීවීන්ට මේ නම ලැබිලා තියෙන්නේ. නිය + ඈයෝ නිට්

කෝච්චි වලට ඇයි පිරිමි නම් නැතුව කාන්තා නම් දාන්නේ?

මතකද කෝච්චියෙන් ගමනක් මුලින්ම ගියපු හැටි. ජීවිතේ එකම එක සැරයක් හරි දුම් රියෙන් ගමනක් ගිහින් ඇතිනේ. ඉතින් ඒ හින්දම ඔයා දන්නවා ඇතිනේ මේ දුම් රිය වලට නම් තියෙනව කියලත්. යාල් දේවි , උඩරට මැණිකේ, රුහුණු කුමාරි ඔය වගේ කාන්තා නම් තමයි දුම් රිය වලට තියෙන්නේ. ඇයි දුම් රියට පිරිමි නම් නැතුව කාන්තා නම් දාලා තියෙන්නේ? සුදු ජාතිකයො අපේ රටේ ඉතුරු කරලා ගියපු දේවල් අතරේ තියෙන වටිනාම දෙයක් තමයි දුම් රිය සේවාව කියලා කියන්නේ. හැබැයි ඉංග්රීසි ජාතිකයො මේ දුම් රිය සේවාව ගමනා ගමනයට නෙමෙයි පාවිච්චි කලේ. උඩරට ප්රදේශයේ වවපු තේ, කෝපි අගනුවරට ප්රවාහනය කරගන්න තමයි දුම් රිය මාර්ග පද්ධතිය නිර්මානය කලේ. කොළඹ ඉඳලා අඹේපුස්ස වෙනකන් කිලොමීටර් 54 දුර ප්රමාණය තමයි දුම් රිය මාර්ග පද්ධතියේ පළවෙනි පියවර වෙලා තියෙන්නේ. කවදාවත් මෙච්චර ලොකු වාහනයක් දැකලා නොතිබුණ හින්දා අපේ පැරැන්නන්ට මේක අපූරු අත්දැකීමක් වෙන්න ඇති නේද? දුම් දාන රිය දුම් රිය වුනා කියමුකො එත් ඇයි ඒකට කොච්චිය කියන්නේ කියලා නම් හොයාගන්න මට බැරිවුනා . ඒ කොහොම වුනත් ඉස්සර අපේ පැරැන්නො දුම් රිය අඳුන්නලා තියෙන්නේ යකඩ යකා කියලා. දුම් රිය සේවාවේ ස්ව

උල්කාපාතයක ගැටුන අරුම පුදුම භූමිය.. ලංකාවෙන්

අපේ රටේ කොයිතරම් සුන්දර තැන් තියෙනවද? ඒ තැන්වල සුන්දරත්වයත් එක්කම හැංගුන වටිනාකම් ගොඩක් තියෙනවා. ලස්සන ජනප්රවාද, සුන්දර මතකයන් එක්වුන තැනක් ගැන ලියන්න ඕනේ කියලා මට හිතුනා.මම අද ඔයාට ලියන්නේ උස්සන්ගොඩ ගැන. කොළඹ ඉඳලා යනවා නම් මාතර හම්බන්තොට පාරේ ගිහිං තංගල්ල පහුකරලා කිලෝමීටර් 5ක් විතර ගියාම මේ උස්සන්ගොඩට හැරිලා යන්න ඕන පාර හම්බ වෙනවා. එතනින් කිලොමීටර් එකහමාරක් ගියාම තමයි මේ උස්සන්ගොඩ උද්යානය හම්බවෙන්නේ. අපේ රටේ 21 වෙනි ජාතික උද්යානය තමයි උස්සන්ගොඩ කියලා කියන්නේ. ඉතින් මේ තැන අතීතයේ ඉඳන් කටවහරේ එන ජනප්රවාද ගොඩක් තියෙන හින්දා තමයි මම අද මේ උස්සන්ගොඩ ගැන ඔයාට ලියන්න හිතුවේ. ඈත අතීතයේ අහසින් යන්න පුළුවන් වාහන අපේ පැරැන්නන්ට තිබුණා කියලා අපිට ඉඳලා හිටලා අහන්න ලැබෙනවනේ. උදාහරනයක් විදියට රාවණා රජතුමාගේ දඬුමොණරය ගැන පැරණි සාහිත්යයේ ලියවිලා තියෙනවනේ. ඉතින් මේ රාවණා රජතුමාගේ ගුවන් යානා ගොඩබාන්න හදපු ගුවන් පථය මේ උස්සන්ගොඩ පිහිටලා තියෙන රතුපාට පස්, පිච්චුන ගල් ඇතිවෙලා තියෙන රාවණාගේ දඬුමොණරය මේ ප්රදේශයේ ගොඩබාපු නිසා කියලා තමයි එක එක මතවල කියවෙන්නේ. උස්සන්ගොඩ උද්යානය බිහිවුන හැටි

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා

චොකලට් තරම්ම රසවත් චොකලට් වල කතාව

මීට අවුරුදු දහස් ගාණකට කලින් කොකෝවා ගස් වැවිලා තියෙන්නේ ඇමසන් වනාන්තරේ වගේම දකුණු ඇමරිකාවේ ඔරිනෝකො තැනිතලා බිම්වල කියලා තමයි මට දැනගන්න ලැබුනේ. අතිවිශිෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු මායාවරු තමයි චොකලට් වල රස මුලින්ම විඳලා තියෙන්නේ. කොකොවා වගා කිරීමේ මුල්ම පියවර තියලා තියෙන්නෙත් මායාවරුන්ම තමයි. කොහොම වුනත් ඇස්ටෙක් අධිරාජ්යියේ පාලක වරු චොකලට් මුලින්ම පාවිච්චි ක රලා තියෙන්නේ බීමක් විදියට. ඇස්ටෙක් අධිරාජ්යෙය පාලකයෙක් වුන මොන්ටේසුමා චොකලට් බඳුන් 50ක් දවසකට පානය කළා කියලා ඉතිහාස ජනකථා වල කියවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇස්ටෙක් වරු කොයිතරම් කොකොවා රසයට ආදරේ කළාද කියනවා නම් කොකොවා ඇට මුදල්වලට සමාන කරලා තියෙනවා. ක්රිු.ව 1700 දී විතර හොයාගත්ත චොකලට් ආහාරයට ගැනීම ආරම්භ වෙලා තියෙන්නේ ක්රිර.ව 1800 දී විතරලු. විද්යාලත්මක පරීක්ෂණ වල කියවෙන විදියට නම් කොකෝවා අඩංගු ආහාර පරිභෝජනය කරන අයට හදවත් රෝග අඩුයි ලු. ඒ වගේම අතීතයේදී චොකලට් ශක්ති ජනක පානයක් විදියට පවිච්චි කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම චොකලට් වල විටමින් ඒ, සී , ඩී අඩංගු වෙලා තියෙනවා ඒ වගේම චොකලට් නිතර ආහාරයට ගන්න අය හුඟක් සංවේද

මඟුල් පෝරුවේ රසවත් ඉතිහාස කතාව කියවන්න

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැළකිලිමත් වෙන හොඳම අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. විවාහයක වැදගත් අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ අතරින් පෝරුව හා බැඳුන සිරිත් විරිත් ගැන වගේම පොරුව හා බැඳුන මිත්‍යා මත ගැන තමයි මම අද ඔයාට ලියන්න යන්නේ. ඉතින් ඔයා දන්නවද කොහොමද මේ පෝරුව ආරම්භ වුනේ කියලා. පෝරුවේ චාරිත්‍ර කොතන කොයිවිදියට ආරම්භ වුනාද කියලා නිශ්චිත සාක්ෂි හම්බවෙන්නේ නෑ. ඒ හින්දා විවිධ අය මේ ගැන විවිධ මත පළ කරනවා. මහා සම්මත රජකාලේ ඉඳලා මේ පෝරුව පැවතගෙන එන බව සමහරුන්ගේ අදහසයි. මහා සම්මත රජු හා මැණික්පාලී කුමරිය අතර සිද්ද වෙච්ච විවාහ මංගල්‍යයට දස්කම් දිව්‍ය රාජයා විසින් කරපු නිර්මානයක් විදියටත් ඒ වගේම  පද්මාවතී කුමරිය බරණැස රජුට පාවා දුන් අවස්ථාවේ ඉඳලා මේ පෝරුව පැවත එන බවත් සඳහන් වෙනවා. තවත් මතයක කියවෙන විදියට සිද්ධාර්ථ යශෝදරා විවාහයේ පටන් මේ පෝරු චාරිත්‍ර ආරම්භ වුන බව පිළිගන්නා පිරිසකුත් අපි අතර ඉන්නවා. අලුත් යුවළට සෙත් ශාන්ති උදාකරන ක්‍රමයක් විදියට මේ පෝරුව චාරිත්‍ර හඳුන්වා

රාවණා රජතුමාව පාවා දුන් .. එතුමාගෙ සහෝදරයා විභීෂණ රජතුමා

අපේ රටේ ඉතිහාස කතාව හොයාගෙන යන ගමනෙදි අපිට මුණ ගැහෙන අති විශිෂ්ඨම චරිතය තමයි රාවණා කියලා කියන්නේ. ඉන්දියානු ජන සාහිත්යමයේ එන රාමායනයේ කියවෙන විදියට මේ විශිෂ්ඨ රාජ්ය පාලකයා නිහඬ වෙන්නේ රාම එක්ක පැවතිච්ච සටන හින්දා. රාවණා කියන්නේ මුළු විශ්වයටම තම බල පරාක්රවමය විහිදවපු රජ කෙනෙක්. හැබැයි ඉන්දියාවේ හිටිය ප්රාවදේශීය පාලකයෙක් වුන රාමට මේ රාවණා රජතුමා පරාද වෙනවා. ඒ පරාජයට හේතුව වෙන්නේ රාවණා රජතුමාගේ සහෝදරයෙක් වුන විභීෂණ. ඉතින් අපේ හෙළයන්ගේ ඉතිහාසය හොයාගෙන යන අද දවසේ මම හිතුවා මේ විභීෂණ කියන ඉතිහාස ගත වුන චරිතය ගැන හොයලා බලන්න ඕනේ කියලා. විභීෂණ කියන නමත් එක්ක එක තැනක රජතුමා කියලත් තවත් තැනක දෙවියන් කියලත් යෙදෙන අවස්ථා අපිට මුණ ගැහෙනවා. විභීෂණ කියන්නේ දෙවි කෙනෙක්ද එහෙම නැත්තම් රජ කෙනෙක්ද? ලංකාව පාලනය කරන, මේ හෙළදිවයින ආරක්ෂා කරන සතර වරම් දෙවිවරු අතරින් කෙනෙක් විදියට විභීෂණ දෙවියන්ව අඳුන්නනවා... අනෙක් තුන් දෙනා වෙන්නේ උපුල්වන් , සමන් , ස්කන්ධ කුමාර කියන දෙවිවරුයි.. මේ විභීෂණ දෙවියන් දේවත්වයට පත්වෙන්න කලින් අතීත හෙළදිවයිනේ රජ කෙනෙක් විදියට ජීවත් වුනා.. රාවණා රජතුමාගෙන් පස්සේ මේ