Skip to main content

ගල්කිස්ස මහා හෝටලයේ සැඟව ගිය ආදර කතාව..

ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්.  එකිනෙකාට ආදරේ කරන ආදරවන්තයින්ගේ අවසන් බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ විවාහය. ගල්කිස්ස මහා හෝටලයේදී කොයිතරම් ආදර කතා එක්වෙන්න ඇතිද? එත් ඔබ දන්නවද මේ හෝටලය පිහිටා තිබෙන ගොඩනැගිල්ල තවත් ආදර කතාවක දුක්ඛිත මතකයක් දරාගෙන ඉන්න බව.
මම අද ඔබට ලියන්නේ  ඒ දුක්බර ආදර කතාවේ සුන්දර මතකය ගැන.

අද හෝටලයක් වුනත් ඉංග්‍රීසි යටත් විජිත කාලේ  මේක පාවිච්චි වෙලා තියෙන්නේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස විදියට. මේට්ලන්ඩ් බංගලාව කියලා තමයි මේ ගොඩනැගිල්ලට ඒ කාලේ කියලා තියෙන්නේ. හැබැයි මේට්ලන්ඩ්  ආණ්ඩුකාර වරයා අපේ රටින් නැව් නැගලා පිටත්ව යනවාත් එක්කම මේ ගොඩනැගිල්ලේ නම වෙනස් වෙනවා. ඒ “මවුන්ට් ලැවිනියා” විදියට. ඒ ගොඩනැගිල්ලට විතරක් නෙමෙයි අද වෙද්දී ඒ ප්‍රදේශයටත් කියන්නේ මවුන්ට් ලවීනියා කියලා. ඒ අවට තියෙන වෙරළතිරයත් හඳුන්වන්නේ ඒ නමින්. ඇයි ඒ? එයට හේතුවුනේ එකතු වෙන්න බැරි වුන දෙන්නෙක්ගේ නොනිමි ආදර කතාවක්.
මේ ආදර කතාවේ ආදරවන්තයා ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්. එතකොට එයාගේ ආදරවන්තිය කවුද? තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ කාලේ මේ බංගලාවේ නිතර නිතර උත්සව පවත්වලා තියෙනවා. එක දවසක් මේ වගේ උත්සවයකට රොඩී නර්තන කණ්ඩායමක් ඇවිත් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරලා තිබුණා. මේ කණ්ඩායමේ හිටිය එක්තරා කාන්තාවක් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිත ගත්තා. මේ නිසාම ඇය ගැන හොයලා බලන්න ඔහු පෙළඹිලා  තියෙනවා.
ඇය නමින් ලොවීනා. ලන්දේසි පුද්ගලයෙකුට දාව රොඩී කාන්තාවකට ඉපදුන ඇය ඒ වෙද්දී යම්තමින් අවුරුදු 17 වුනු ළමිස්සියක්. කඩවසම් පෙනුමක් තිබුණු මේට්ලන්ඩ් සමග ලොවීනා ආදරයෙන් බැඳුනා. ඇය නමින් ලොවීනා වුනත් ඒ නම භාවිතයේ අපහසුවක් මේට්ලන්ඩ් හට තිබුණා. ඒ නිසාම ඔහු ඇයව අමතා තියෙන්නේ ලැවීනියා නමින්. වසර 5 ක් තිස්සේ මේ ආදර කතාව සුන්දරව ගලාගෙන ගියත් මේ ආදරයටත් පිටස්තරයින්ගෙන් බාධා එන්න පටන් ගත්තා. ගෞරවනීය  අග්‍රාණ්ඩුකාරවරයා තමන්ට කිසි ලෙසකින්වත් නොගැලපෙන සම්බන්ධතාවයක් රොඩී ගැහැණියක සමඟින් පවත්වන බව දන්වා  තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ට පෙත්සම් සමුහයක් ලැබී තිබෙනවා. ඉතින් මේ අනුව කටයුතු කරපු ජෝර්ජ් රජතුමා සිය නිලමුද්‍රාව සහිතව එවූ ලියුම නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා සහ ලොවීනා අතර ආදරය වෙනස් වෙනවා.  කොයිතරම් බාධක ආවත් වෙන්කරන්න බැරි වුන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ආදරය නිසා . ඔහු ඔහුගේ මන්දිරයේ ඉඳලා ලොවීනාගේ රොඩී ගුබ්බෑයම වෙනකන් උමං මඟක් පවා ඉදිකරනවා. 

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ලොවීනාට කොයිතරම් ආදරේ කළාද කියනවා නම් ඇය වෙනුවෙන් ඉංග්‍රීසි ජාතිකයින්ව පවා මරා දමන්න කටයුතු කරලා තියෙනවා. දවසක් ලවීනියා ගේ ආදරය පතාගෙන ආපු ඉංග්‍රීසි සොල්දාදුවෙක් ආණ්ඩුකාරවරයා අතින්ම මරා දමනවා. තවත් දවසක් එක් සොල්දාදුවෙක් ලවිනාගේ නිරුවත් පියයුරු දෙස බලා සිටිනවා දැක ඔහුවත් මරා දමනවා.  ඒ සිද්ධියෙන් පස්සේ ආණ්ඩුකාරවයා විසින් රොඩී කාන්තාවන්ට උඩුකයට ඇඳුම් අඳින්න අවසර ලබා දීම සිදුකරනවා.  තනි පලේට හදපු රොඩී නිවාස වෙනුවට අනිත් සාමාන්‍ය ජනතාවට තියෙන පළ දෙකේ නිවාස ඉදිකරන්න වගේම හිඟමනේ යනවා වෙනුවට ගොවිතැනක් රස්සාවක් කිරීමට රොඩී ජනතාවට අවස්ථාව ලැබෙන්නේ මේ ආදර අන්දරය නිසාමයි.  මේ ආදරය මේ තරම් සුන්දරව ගලා යද්දී 1811 වර්ෂයේ පෙබරවාරි මාසේ දවසක එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ගෙන් දින මුද්‍රාව සහිත ලිපියක් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට ලැබෙනවා.  වහාම ක්‍රියාත්මකවන පරිදි මෙතෙක් දරපු ලංකාවේ ආණ්ඩුකාර ධුරය අත්හිටුවන බවත් හමුදා සේවය සලකා බලා මොල්ටාවේ ආණ්ඩුකාර දුරය ලබා දෙන බවත් එහි සඳහන් ව තිබී තියෙනවා.
මේ තීරණයට බලපෑ තිබුන ප්‍රදානම හේතුව වෙලා තියෙන්නේ මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් හදපු උමං මාර්ගය ගැන ලැබුන දරුණු පෙත්සමයි. එම ලිපියේ සඳහන් වෙලා තිබුන විදියට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සති දෙකක් තුල සිය රට බලා නැව් නැගිය යුතුව තිබුනා.  ඔහු යන්නට පෙර ලියු සටහනක මෙසේ ලියා තිබී තියෙනවා. “ මගෙන් පස්සේ එන ආණ්ඩුකාරවයා මේ බංගලාව එයාගේ නිල නිවෙස විදියට පාවිච්චි කරයිද කියලා මං දන්නේ නෑ. එත් මේ බංගලාවට මවුන්ට් ලවිනියා ලෙස නම තියන්න යෝජනා කල බව එතුමාට කියන්න. ඊට පසුදින ලොවිනාත් , බිම්ගෙයි උමගත් , මේට්ලන්ඩ් බංගලාවත් අතහැර දැමු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම අහක නොදමා එම බංගලාව මවුන්ට් ලැවිනියා නමින් නම් කළා.
කොහොම වුනත් හැරගිය ආදරය ගැන දුක් වුන ලොවීනා මුහුදට පැන සියදිවි නසාගත් බවත් මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා මොල්ටාවේ පදිංචි වී තනිකඩයෙකු ලෙස ජිවත් වී ඇති බවත් කියවෙනවා. එදා ලොවීනා ජිවත් වුන රොඩී පැල්පත වෙනුවට අද තියෙන්නේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයයි. අද මෙම ස්ථානයත් බංගලාවත් යා කරමින් තැනූ උමං මාර්ගය වසා දමා තිබෙනවා. ඒ 1920 වගේ කාලයේදීයි. පසුකලෙකදී රොඩී ගම්මානය නවීන නගරයක් බවට වර්ධනය වුනත් අදටත් මේ පෙදෙස මවුන්ට් ලැවීනියා නමින් හඳුන්වනවා.
මේට්ලන්ඩ් ආණ්ඩුකාරවයාත් ලොවීනාත් අතර පැවති ආදර අන්දරය නිසා රටට තිළිණ වූ මවුන්ට් ලැවීනියා හෝටලය මතුවටත් සදා ආදරණිය සිහිවටනයක් වේවි.


Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කු

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා