මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද? දවල්ට කෑවේ මොනවද නොකළේ මොනාද කියලා මහ දෙයක් විදියට අරන් හොයන එක අපේ කාන්තා පාර්ශ්වයේ එදා ඉඳන් අද වෙනකන්ම තියෙන පුරුද්ද. අල්ලපු ගෙදර වෙන්නේ මොනවද කියලා හොයා ගන්න බැරිවුනොත් තමන්ගේ හිතට හිතෙන දේ ඇත්ත වගේ දැක්කා වගේ කිය කිය යන ග්‍රාමීය පුරුද්ද හින්දා කොයිතරම් ප්‍රශ්න ඇතිවෙනවද? ගමෙන්, ගෙදරින් නවතිනවා නම් හොඳයි. ඒත් ඉතින් ඒ පුරුද්දත් එක්ක office එන ගෑණු උදවිය වගේම චීත්ත වලින් විලි වහගත්ත පිරිමි හින්දා නින්දා, ප්‍රශංසා, කටකථා කියන දේවල් පැතිරෙන්නේ ගින්නක් නැතුව. මොනවා කරන්නද ඒක ඒ අයගේ හැටිනේ කියලා අහක දැම්මට ඒකෙන් සමාජෙට ඇති වෙන්නේ ලොකු පැල්ලමක් ඕපදුප, දන්න ඉංග්‍රීසියෙන් කියනවනම් Gossip. මේවට අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම ලැදියාව හින්දම අද අපේ රටේ ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා තියෙනවා. කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම කොටියා ආපු දවස දන්නෑ වගේ. ගොසිප් කියවලා කියවලා ඇත්තක් කිව්වත් පිළිගන්නේ නැති තැනට දැන් ඇවිත් තියෙන්නේ. ඉස්සර අපේ අම්මා කියනවා කෙනෙක්ව අසතුටට පත්කරලා ලබන සාර්ථකත්...