Skip to main content

Posts

Showing posts with the label අනං මනං

කකුලට ගිය කලක්..

ඇවිද්ද පය දහස් වටී කියලා සිංහල කියමනක් තියෙනවා අහලා ඇති නේද ? ඔය කතාවේ තේරුම නෙමෙයි අද මම ඔයාට ලියන්න යන්නේ. අද මම ඔයාට ලියන්නේ පාවහන් වල ඉතිහාසය ගැන. පා වහන් ඒ කියන්නේ පය වහන පැළඳුම කියන එක. ඔන්න එහෙනං දැනගන්න. පාවහන් වල ඉතිහාසය දැනට අවුරුදු 7000 ක් 8000ක් තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. හැබැයි මේ පාවහන් නිපදවන්න පාවිච්චි කරන ද්‍රව්‍ය ගොඩක් කල් නොපවතින හින්දා පාවහන් භාවිතයට මීටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන්න පුළුවන් කියලයි විශේෂඥයින් කියන්නේ. භෞතික මානව විද්‍යාඥ භෞතික මානව විද්‍යාඥ   එරික් ට්‍රින්කෞස් කියන විදියට නම් පාවහන් වල ඉතිහාසය අවුරුදු 40000 විතර ආපස්සට ගෙනියන්න පුළුවන් ලු. මානව අස්ථි වල විලුබේ අස්ථි ගෙවීයාම සලකලා බලලා තමයි එයා මෙහෙම නිගමනයකට ඇවිත් තියෙන්නේ.   සෙරෙප්පුවේ ඉඳලා බුට් සපත්තු වෙනකන් පාවහන් එක එක පාට එක එක විදිහේ එක එක මිල ගණන් වලට ගන්න පුළුවන් කියලා ඔයා ඉතින් දන්නවනේ. සාමාන්‍යයෙන් සපත්තුවක තියෙන ප්‍රධාන කොටස් ගැන ඔයා දැනුවත් වෙලා තියෙනවද ? අඩිය සපත්තුවෙහි යට කොටස අඩිය නමින් හඳුන්වනවා. ඇතුල් අඩිය ඇතුල් අඩිය යනු රෙදි සපත්තු අඩියකි. මෙය පාදය සපත...

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල් දේවාල ගානේ ඉන්න අහිකුන්ඨික කාන්තාවෝ නම් 100% ක්ම වගේ කියන්නේ අමූලික බොරු තමයි. ඒත් අපිට එතනින් නැවතිලා මේක බොරුවක් කියන්න බෑනේ. මොකද කාලයක් තිස්සේ පවතින්න නම් මෙතන මොනම හරි දෙයක් තියෙන්න ඕනේ. “අත බලා සාස්තර කීම” එහෙම නැත්නම් බර වචනෙන් කියනවා නම් හස්ත රේඛා ශාස්ත්‍රය ගැන අපි මොනවද දන්නේ? ඉතින් මට හිතුනා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ඕනේ කියලා. පත්තර පොත් ඇතුලේ, අන්තර්ජාලය ඇතුලේ මේ ගැන යහමින් කරුණු ටිකක් හොයාගන්න මට පුළුවන් වුනා කියලා මට හිතෙනවා. ඔයා හිතන්නේ මේ අත බලා සාස්තර කියන්නේ ආසියානු රටවල විතරයි කියලද? නෑ එහෙම නෑ. කොහොම වුනත් හස්ත රේඛා විද්‍යාව ආරම්භ වෙලා තියෙන්නේ ඉන්දියාවේ. එතනින් චීනයටත් චීනයෙන් ඊජිප්තුවටත් ඊජිප්තුවෙන් ග්‍රීසියටත් ග්‍රීසියෙන් යුරෝපයටත් ව්‍යාප්ත වුනා කියලා තමයි දැනගන්න ලැබුනේ. යුරෝපය ඇතුලේ මේ හස්ත රේඛා ශාස්ත්‍රය වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හේතුවුන එක පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඔහුව එක එක තැන්වල විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. William John Warner එ...

පාස්පෝට් තියෙනවද? වීසා නැතුව යන්න පුළුවන් රටවල් මෙන්න.

නවසීලන්තයේ Henley & Partners ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව වීසා ලබා ගැනීමෙන් තොරව හෝ පැමිණීමේදී වීසා ලබා ගැනීමේ පහසුව මත ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39 කට ඇතුළ් වීමේ හැකියාව පවතිනවා. මේ අනුව රටවල් 15 කට කිසිඳු වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් වීමේ හැකියාව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ලාබීන්ට ලැබී තියෙනවා. එම රටවල් හා ඒ රට තුළ වීසා රහිතව ගත කළ හැකි කාලය පහතින් දැක්වෙනවා. Bahamas – Visa not required 3months Barbados - Visa not required 6 months Dominica - Visa not required 6 months Ecuador - Visa not required 90days Gambia – Entry Clearance Required Grenada - - Visa not required 3months Haiti - Visa not required 90 days Iran - Visa not required 1month Malawi - Visa not required 30days Saint Kitts and Nevis – Visa not required Singapore – Visa not required 30 days Vanuatu - Visa not required 30 days Saint Vincent and Grenadines - Visa not required 1 month Phu Quac – without a visa for up to 30 days Micronesia – Visa not required 30 day...

අපේ රටේ ජිවත් වුනු අරුම පුදුම දරුණු ජීවින් (නිට්ටෑවන්)

අපේ රටේ ජිවත් වුන පරණම ජන කොට්ඨාසය කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි ආදී වාසින් එහෙම නැත්තම් වැදි ජනතාව කියන දේ. හැබැයි අපි නොදන්නා අතීතයක අපේ රටේ ජිවත් වුන එක ජීවින් කොටසක් 17 වන සියවසේදී වඳවෙලා ගිහින් තියෙනවා. මේ ජීවින් තිරිසන් සත්ත්ව විශේෂයක් කියලා හඳුන්වන්නත් බෑ මිනිස්සු කියලා හඳුන්වන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ ජීවින් අරුම පුදුම ජිවී විශේෂයක් කියලා කියන්න අපිට පුලුවන්. මේ නිට්ටැවන් හරියට නොදියුණු ගෝත්‍රික කණ්ඩායමක් වගේ. කොහොම හරි මේ වෙද්දී මේ ජීවි විශේෂය සම්පුර්ණයෙන්ම වඳ වෙලා ගිහින් කියලා තමයි කියන්නේ. 17 වන 19 වන් සියවස් විතර වෙනකන් තමයි මේ ජීවීන් අපේ රටේ ඉඳලා තියෙන්නේ. මේ ජීවින් විනාස වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ වැදිජනතාව කියලා තමයි මට දැනගන්න ලැබුනේ. මිනී මස් වගේම අමු මස් ආහාරයට ගන්න පුරුදු වෙච්ච දරුණු ජීවින් කොටසක් තමයි මේ නිට්ටෑවෝ කියලා කියන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ නිට්ටෑවෝ මොනවගේ පිරිසක්ද ඒ අයගේ පෙනුම කොයි වගේද කියලා. ඇත්තටම නිට්ටෑවන්ට දිග තියුණු නියපොතු තිබිලා තියෙනවා. ඒ හින්දම තමයි මේ ජීවීන්ට මේ නම ලැබිලා තියෙන්නේ. නිය + ඈයෝ නිට්...

කෝච්චි වලට ඇයි පිරිමි නම් නැතුව කාන්තා නම් දාන්නේ?

මතකද කෝච්චියෙන් ගමනක් මුලින්ම ගියපු හැටි. ජීවිතේ එකම එක සැරයක් හරි දුම් රියෙන් ගමනක් ගිහින් ඇතිනේ. ඉතින් ඒ හින්දම ඔයා දන්නවා ඇතිනේ මේ දුම් රිය වලට නම් තියෙනව කියලත්. යාල් දේවි , උඩරට මැණිකේ, රුහුණු කුමාරි ඔය වගේ කාන්තා නම් තමයි දුම් රිය වලට තියෙන්නේ. ඇයි දුම් රියට පිරිමි නම් නැතුව කාන්තා නම් දාලා තියෙන්නේ? සුදු ජාතිකයො අපේ රටේ ඉතුරු කරලා ගියපු දේවල් අතරේ තියෙන වටිනාම දෙයක් තමයි දුම් රිය සේවාව කියලා කියන්නේ. හැබැයි ඉංග්රීසි ජාතිකයො මේ දුම් රිය සේවාව ගමනා ගමනයට නෙමෙයි පාවිච්චි කලේ. උඩරට ප්රදේශයේ වවපු තේ, කෝපි අගනුවරට ප්රවාහනය කරගන්න තමයි දුම් රිය මාර්ග පද්ධතිය නිර්මානය කලේ. කොළඹ ඉඳලා අඹේපුස්ස වෙනකන් කිලොමීටර් 54 දුර ප්රමාණය තමයි දුම් රිය මාර්ග පද්ධතියේ පළවෙනි පියවර වෙලා තියෙන්නේ. කවදාවත් මෙච්චර ලොකු වාහනයක් දැකලා නොතිබුණ හින්දා අපේ පැරැන්නන්ට මේක අපූරු අත්දැකීමක් වෙන්න ඇති නේද? දුම් දාන රිය දුම් රිය වුනා කියමුකො එත් ඇයි ඒකට කොච්චිය කියන්නේ කියලා නම් හොයාගන්න මට බැරිවුනා . ඒ කොහොම වුනත් ඉස්සර අපේ පැරැන්නො දුම් රිය අඳුන්නලා තියෙන්නේ යකඩ යකා කියලා. දුම් රිය සේවාවේ ස්ව...

චොකලට් තරම්ම රසවත් චොකලට් වල කතාව

මීට අවුරුදු දහස් ගාණකට කලින් කොකෝවා ගස් වැවිලා තියෙන්නේ ඇමසන් වනාන්තරේ වගේම දකුණු ඇමරිකාවේ ඔරිනෝකො තැනිතලා බිම්වල කියලා තමයි මට දැනගන්න ලැබුනේ. අතිවිශිෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු මායාවරු තමයි චොකලට් වල රස මුලින්ම විඳලා තියෙන්නේ. කොකොවා වගා කිරීමේ මුල්ම පියවර තියලා තියෙන්නෙත් මායාවරුන්ම තමයි. කොහොම වුනත් ඇස්ටෙක් අධිරාජ්යියේ පාලක වරු චොකලට් මුලින්ම පාවිච්චි ක රලා තියෙන්නේ බීමක් විදියට. ඇස්ටෙක් අධිරාජ්යෙය පාලකයෙක් වුන මොන්ටේසුමා චොකලට් බඳුන් 50ක් දවසකට පානය කළා කියලා ඉතිහාස ජනකථා වල කියවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇස්ටෙක් වරු කොයිතරම් කොකොවා රසයට ආදරේ කළාද කියනවා නම් කොකොවා ඇට මුදල්වලට සමාන කරලා තියෙනවා. ක්රිු.ව 1700 දී විතර හොයාගත්ත චොකලට් ආහාරයට ගැනීම ආරම්භ වෙලා තියෙන්නේ ක්රිර.ව 1800 දී විතරලු. විද්යාලත්මක පරීක්ෂණ වල කියවෙන විදියට නම් කොකෝවා අඩංගු ආහාර පරිභෝජනය කරන අයට හදවත් රෝග අඩුයි ලු. ඒ වගේම අතීතයේදී චොකලට් ශක්ති ජනක පානයක් විදියට පවිච්චි කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම චොකලට් වල විටමින් ඒ, සී , ඩී අඩංගු වෙලා තියෙනවා ඒ වගේම චොකලට් නිතර ආහාරයට ගන්න අය හුඟක් සංවේද...