මතකද කෝච්චියෙන් ගමනක් මුලින්ම ගියපු හැටි. ජීවිතේ එකම එක සැරයක් හරි
දුම් රියෙන් ගමනක් ගිහින් ඇතිනේ. ඉතින් ඒ හින්දම ඔයා දන්නවා ඇතිනේ මේ දුම්
රිය වලට නම් තියෙනව කියලත්. යාල් දේවි , උඩරට මැණිකේ, රුහුණු කුමාරි ඔය වගේ
කාන්තා නම් තමයි දුම් රිය වලට තියෙන්නේ. ඇයි දුම් රියට පිරිමි නම් නැතුව
කාන්තා නම් දාලා තියෙන්නේ?
සුදු ජාතිකයො අපේ රටේ ඉතුරු කරලා ගියපු දේවල් අතරේ තියෙන වටිනාම දෙයක් තමයි දුම් රිය සේවාව කියලා කියන්නේ. හැබැයි ඉංග්රීසි ජාතිකයො මේ දුම් රිය සේවාව ගමනා ගමනයට නෙමෙයි පාවිච්චි කලේ. උඩරට ප්රදේශයේ වවපු තේ, කෝපි අගනුවරට ප්රවාහනය කරගන්න තමයි දුම් රිය මාර්ග පද්ධතිය නිර්මානය කලේ. කොළඹ ඉඳලා අඹේපුස්ස වෙනකන් කිලොමීටර් 54 දුර ප්රමාණය තමයි දුම් රිය මාර්ග පද්ධතියේ පළවෙනි පියවර වෙලා තියෙන්නේ. කවදාවත් මෙච්චර ලොකු වාහනයක් දැකලා නොතිබුණ හින්දා අපේ පැරැන්නන්ට මේක අපූරු අත්දැකීමක් වෙන්න ඇති නේද?
දුම් දාන රිය දුම් රිය වුනා කියමුකො එත් ඇයි ඒකට කොච්චිය කියන්නේ කියලා නම් හොයාගන්න මට බැරිවුනා . ඒ කොහොම වුනත් ඉස්සර අපේ පැරැන්නො දුම් රිය අඳුන්නලා තියෙන්නේ යකඩ යකා කියලා. දුම් රිය සේවාවේ ස්වර්ණමය යුගය විදියට හඳුන්වන්නේ බී.ඩී රම්පාල මහත්මයා දුම් රිය සාමාන්ය අධිකාරිවරයා විදියට කටයුතු කරපු 1955 - 1970 අතර කාලය. ඔන්න ඔය කාලෙදි තමයි අපේ රටේ දුම් රියට සිංහල නම් දාන්න පටන් අරන් තියෙන්නේ. ඔන්න ඔතනදි තමයි කාන්තා නම් දුම් රියට පාවිච්චි වෙලා තියෙන්නේ. එතකන් ඒ කාලේ හිටිය බ්රිතාන්ය ආණ්ඩුකාරවරුන්ගේ නම් වලින් තමයි මේ දුම් රිය හඳුන්නලා තියෙන්නේ. කොහොම හරි කාන්තා නමකින් හඳුන්වපු පළමු දුම් රිය වෙලා තියෙන්නේ රුහුණු කුමාරි දුම් රියයි.
(මේ දුම්රිය ගමන් ආරම්භ කරද්දී පළවුණ පත්තර දැන්වීම පහල තියෙනවා. )
රුහුණු කුමාරි , උඩරට මැණිකේ , යාල් දේවි කියන්නේ තුන් නිවුන් සහෝදරියො කියලා තමයි හුඟ දෙනෙක් කියන්නේ. මේ දුම් රිය සේවා 3 එකම දවසක තමන්ගේ ගමන් ආරම්භ කරපු හින්දා තමයි මෙහෙම කියන්නේ. කොහොම වුනත් රුහුණු කුමාරි ගමන් ආරම්භ කරලා මාස 6කට පස්සේ තමයි උඩරට මැණිකෙයි , යාල් දේවි ගමන් ආරම්භ කරලා තියෙන්නේ.
එත් ජනතාව අතරේ ජනප්‍රිය කරන්න පළකරපු පත්තර දැන්වීමක් නිසා තමයි මේ දුම්රිය 3 තුන් නිවුන් සහෝදරියෝ කියලා කියන්නේ. (පත්තර දැන්වීම පහලින්)
දුම්රි යට කාන්තාවන්ගේ නම් යොදන්න ප්රධානතම හේතුව වෙලා තියෙන්නේ කාන්තාවට වගේම දුම් රියට ආකර්ෂණීය ගමන් විලාසයක් තියෙන එකලු. අනෙක් කාරණය තමයි ඒ ඒ ප්රදේශවල අනන්යතාවය පැහැදිලි කරන ප්රධාන සාධකය කාන්තාව වුන හින්දා කාන්තා නම් පාවිච්චි කළාලු. මොකද්ද මේ ප්රදේශවල අනන්යතාවය කියන්නේ.
දුම් රිය ගමන් කරන්න පටන් ගන්නේ කොළඹින් වුනාට ගමනාන්තය වෙන්නේ නුවර , යාපනය , අනුරාධපුරය එහෙම නැත්තම් දකුණේ ප්රදේශයක්. අපේ රටේ එක එක පළාත්වලට වෙන්වෙච්ච වෙනම අනන්යතාවයක් තියෙනවා. උදාහරණයක් විදියට හලාවත පැත්ත මුතු වලට ප්රසිද්ධයි. ඒ හින්දා හලාවතට යන දුම් රිය මුතු කුමාරි කියලා අඳුන්නනවා. මුහුදුබඩ මාර්ගයේ යන හැම දුම් රියකම අගට කුමාරි නම පාවිච්චි වෙලා තියෙන්නේ මුහුදුබඩ ප්රදේශවල ජීවත් වෙන කාන්තාවන් වැඩි දෙනෙක් කුමාරි නම පාවිච්චි කරපු හින්දලු. ඒ වගේම උඩරට ඉන්නේ මැණිකෙලා හින්දා බදුලු යන දුම් රියට උඩරට මැණිකේ කියලා නම තියලා තියෙනවා, උතුරේ කාන්තාවො වැඩි දෙනෙක් දේවිලා හින්දා තමයි කොළඹ ඉඳලා යාපනේට යන කෝච්චියට යාල් දේවි කියලා නම තියලා තියෙන්නේ..
කොහොමද වැඩේ.?
ඖෂංගි ගායනා සේනානායක

Comments
Post a Comment