Skip to main content

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දුක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන. 


ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ. 

අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කුඩාවට තිබුණ කලා වැවයි බළලු වැවයි එකට එකතු කරලා කලා වැව ලොකුවට හදනවා. කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න හදපු ඇළ තමයි යෝධ ඇල කියලා කියන්නේ. මේ ඇලේ දිග සැතපුම් 54 ක්. මේ යෝධ ඇලේ මුල් සැතපුම් 17 දියබැස්ම සැතපුමකට අඟල් 6යි. යෝධ ඇල විශිෂ්ඨ නිර්මානයක් වෙන්න ඒකත් එක හේතුවක්.
.
ධාතුසේන රජතුමා යෝධ ඇළ හදලා අවුරුදු 700කට පස්සේ පරාක්රමභාහු රජතුමා මේ යෝධ ඇළ ප්රතිසංස්කරණය කරලා තියෙනවා. ඔන්න ඔහොම ප්රතිසංස්කරණය කළාට පස්සේ පරාක්රමභාහු රජතුමා තමයි මේ යෝධ ඇළට ජය ගංගා කියලා නම තියලා තියෙන්නේ. ඉතින් එදා ඉඳලා යෝධ ඇල කියලා වගේම ජය ගඟ කියලත් මේ ඇල අඳුන්නනවා. මේ ඇළ හදලා තියෙන්නේ ගැබ් ගත්ත එළුදෙනක් ගමන් කරපු මාර්ගය දිගේ කියලාත් පරණ ජන කතාවල කියවෙනවා.

ඖෂංගි ගායනා සේනානායක

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා