Skip to main content

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා.

අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳුන්වලා තියෙන්නෙ. සියලු ආගම් වල ජනතාව කිසිම වෙනසක් බේදයක් නැතුව වඳින්න පුදන්න යන පුදබිමක් තීයෙනවනන් ඒ වෙන කොහෙවත් නෙමෙයි කතරගම පුදබිම. කතරගම පුදබිමට එක වරක් වත් ගිහින් නැති කෙනෙක් මේ රටේ හොයාගන්න බැරි තරම්. මේකට හේතුව මේ දෙවියන් ගැන තියෙන විශ්වාසය කිව්වොත් හරියටම හරි. කොහොමද මෙහෙම විශ්වාසයක් ඇතිවුනේ. අපි මේ ගැන කතා බහ කරන්න ඕනේ. ඒ වගෙම කතරගම පුදබිමෙහි වන්දනාමාන කරන කිරිවෙහෙර / සහ රුහුණු මහා කතරගම දේවාලය ගැනත් අපි දන්න දේවල් කතා බහ කරන්න ඕනේ. ඉස්සෙල්ලම අපි කතා කරමුකො අපේ කතරගම දෙවියන් ගැන. කතරගම කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන දෙවියන් නිසා කතරගම දෙවියො කියලා අපි හැඳින්නුවට. හින්දු පොත් පත් වල මේ දෙවියන්ට අඳුන්වන්නේ මුරුගන්, ස්කන්ධ කුමාර්, කන්දසාමි, ආරුමුගම්, ශරවනභව, සුභනම්‍ය, සනත් කුමාර, කාර්තිකේය කියන නම් වලින්. එතකොට මේ කතරගම දෙවියන්ගේ උපත ගැන කියවෙන හරි අපුරු කතා අපේ ජනකතා වල ජන සාහිත්‍ය  ඇතුලේ තියෙනවා.

හින්දු දේව පුරාණයට අනුව විශ්ණු දෙවියන් විසින් මවපු කුමාරවරු 6 දෙනෙක් පාර්වතී දේවිය තදකරලා අල්ලා ගත්ත හින්දා අත්දොළහක් මූණු හයක් සහිත එක් ශරීරයක් නිර්මාණය වුන බව සඳහන් වෙනවා. ඒ හින්දා මුහුණු සයක් ඇති කුමරා යන තේරුම ඇතුව මේ දෙවියන්ව ස්කන්ධ කුමාර නමින් හඳුන්වනවා.
තවත් මතයක විදියට කතරගම රජ කරපු මහාසේන රජු ධර්මය අහලා සෝවාන් ඵලයට පත්වෙලා, බුදු හිමියන්ගේ ඉල්ලීම විදියට මරණින් පස්සේ එම ස්ථානයේ දේවාආත්ම ලාභීව කතරගම දෙවියන් ලෙස වැඩ වාසය කරන බව කියවෙනවා. තවත් ඔය වගේ කතරගම දෙවියන්ගේ උත්පත්තිය සම්බන්ධ කතා තියෙනවා. කතරගම දෙවියන් ගේ උත්පත්තිය සම්බන්ධ මත ගැනයි අපි මේ කතා කර කර ඉන්නේ. මේ සම්බන්ධ මත දෙකක් ගැන අපි ඉස්සෙල්ලා කතා කළා. මේ දෙවියන්ගේ උත්පත්තිය සම්බන්ධ තවත් මතයක් තමයි මේ. යුධ අවශ්‍යතා වලට ලංකාවට ආව කන්දසාමි කියන අති දක්ෂ දකුණු ඉන්දියනු රණ ශූරයෙක් ජීවිතයේ අවසන් භාගයේදී කතරගම කඳුකර වනයේ රක්ත වස්ත්‍රධාරී තාපසයෙක් විදියට බවුන් වැඩුව බවත් ගුප්ත විද්‍යා බලයෙන් පෙළහර පාපු එතුමන්ව කතරගම වැසියො කන්දේ දෙවියන් විදියට හඳුන්වපු බවත් මේ කතා අතර සඳහන් වෙනවා. මේ වගේ එකිනෙකට වෙනස් බොහොමයක් කතා තව තියෙනවා. කොහොම වුනත් මේ කතා වලින් අපිට පැහැදිලි වෙන එක කාරණයක් වෙන්නේ මහා බල සම්පන්න දෙවි කෙනෙක් කතරගම ප්‍රදේශය ආශ්‍රිතව වැඩ වාසය කරන බවයි.

දුටුගැමුණු එළාර යුද්දය ගැන ඔයා අහලා තියෙනවනේ. ඉතින් මේ යුද්ධෙදි දුටුගැමුණු රජතුමාට කතරගම දෙවියන් උදව් උපකාර කරලා තියෙනවලු. ඉතින් ඒ වෙනුවෙන් දුටුගැමුණු රජතුමා මේ කතරගම දේවාලය නිර්මාණය කරලා දුන්නලු. දේවාලය ඉදිකරන්න සුදුසු තැනක් පෙන්නන්න කිව්වම කතරගම දෙවියෝ වැඩසිටි කන්දේ ඉඳලා හීයක් විද්දලු. හීය වැටුණු තැන තමයි අද ඔය කතරගම දේවාලය ඉදි කරලා තියෙන්නේ කියලා විශ්වාසයක් ජනතාව අතර තියෙනවා.

කතරගම දෙවියන්ට බිරින්දෑවරු දෙන්නෙක් ඉඳලා තියෙනවා. තේවානි අම්මා සහ වල්ලි අම්මා කියලා. තේවානි අම්මා කියන්නේ ඉන්දියාවේ ඉඳලා ආපු කතරගම දෙවියන්ගේ මුල් බිරිඳ බවත් වල්ලි අම්මා කියන්නේ අපේ රටේ වැදි පරම්පරාවේන් පැමිණි සුරූපි කාන්තාවක් බවත් ජන සාහිත්‍යයේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම නුවණට අධිපති දෙවියන් ලෙස සැලකෙන ගණ දෙවියන් කතරගම දෙවියන්ගේ සහෝදරයා විදියටත් මත පල වෙනවා.

කතරගම දෙවියො කියලා කියන්නේ යුද්ධයට අධිපති දෙවි කෙනෙක්. මේ දෙවියන්ගේ වෘක්ෂය විදියට සලකන්නේ තල්ගහ, වර්ණය වෙන්නේ රක්ත වර්ණය, වාහනය වෙන්නේ මොණරා. ඒ වගේම තමයි පලිහක්, පොතක්, කඩුවක්, අංකුෂයක්, මුගුරක්, දුන්නක්, කුක්කුට ධජය, ශංඛය, තෝමරය අත් දොළහින් අරන් ඉන්නවා. මේ කියන ලක්ෂණ වලින් තමයි අපි තේරුම් ගන්නේ මේ ස්කන්ධ කුමාරයා කියලා.
කතරගම දෙවියන් ගැන ජනතාවගේ ඇති විශ්වාසය අපිට විද්‍යාත්මක ව පැහැදිලි කරන්න බැරි වුනත් මේ තුල යම් කිසි සමාජ විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. මොකද ලංකාවේ හැම පළාතකම ඉන්න මුස්ලිම්, කතෝලික, හින්දු, බෞද්ධ සියලු ජනවර්ග වලට එක්වෙන්න පුළුවන් ස්ථානයක් තමයි මේ. ඒ කියන්නේ ජාතීන් අතරේ එකමුතුකම වර්ධනය කරගෙන සමාන මට්ටමක ඉඳලා පුදපූජා පැවැත්වීම මෙහි තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම ආගමික සහජීවනය සලසන මධ්‍යස්ථානයක් ලෙස කතරගම දේව අඩවිය හඳුන්වලා දෙන්න පුළුවන්.

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කු

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා