Skip to main content

චොකලට් තරම්ම රසවත් චොකලට් වල කතාව

මීට අවුරුදු දහස් ගාණකට කලින් කොකෝවා ගස් වැවිලා තියෙන්නේ ඇමසන් වනාන්තරේ වගේම දකුණු ඇමරිකාවේ ඔරිනෝකො තැනිතලා බිම්වල කියලා තමයි මට දැනගන්න ලැබුනේ. අතිවිශිෂ්ඨ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු මායාවරු තමයි චොකලට් වල රස මුලින්ම විඳලා තියෙන්නේ. කොකොවා වගා කිරීමේ මුල්ම පියවර තියලා තියෙන්නෙත් මායාවරුන්ම තමයි. කොහොම වුනත් ඇස්ටෙක් අධිරාජ්යියේ පාලක වරු චොකලට් මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ බීමක් විදියට. ඇස්ටෙක් අධිරාජ්යෙය පාලකයෙක් වුන මොන්ටේසුමා චොකලට් බඳුන් 50ක් දවසකට පානය කළා කියලා ඉතිහාස ජනකථා වල කියවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇස්ටෙක් වරු කොයිතරම් කොකොවා රසයට ආදරේ කළාද කියනවා නම් කොකොවා ඇට මුදල්වලට සමාන කරලා තියෙනවා.


ක්රිු.ව 1700 දී විතර හොයාගත්ත චොකලට් ආහාරයට ගැනීම ආරම්භ වෙලා තියෙන්නේ ක්රිර.ව 1800 දී විතරලු. විද්යාලත්මක පරීක්ෂණ වල කියවෙන විදියට නම් කොකෝවා අඩංගු ආහාර පරිභෝජනය කරන අයට හදවත් රෝග අඩුයි ලු. ඒ වගේම අතීතයේදී චොකලට් ශක්ති ජනක පානයක් විදියට පවිච්චි කරපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම චොකලට් වල විටමින් ඒ, සී , ඩී අඩංගු වෙලා තියෙනවා ඒ වගේම චොකලට් නිතර ආහාරයට ගන්න අය හුඟක් සංවේදී පුද්ගලයින් විදියටත් අඳුන්නනවා. ඒ වගේම පුද්ගල මනස ප්ර බෝදමත් කරන්න මේ චොකලට් වල රසයට වගේම සුවඳටත් හැකියාව තියෙනවා. අගුණයි කියලා අහක දැම්මට චොකලට් කියන්නේ ගුණ කෑමක් කියලා දැන් ඔයාට තේරෙනවනේ නේද? හැබැයි ඉතින් ගුණයි කියලා ඕනෙවට වඩා චොකලට් කනවා එහෙම නෙමෙයි.

චොකලට් වල ඉතිහාසය ගැන හොයාගෙන යද්දී රට රටවල චොකලට් සම්බන්ධව තියෙන රසවත් කතා ටිකක් මට කියවන්න ලැබුණා... ඔයා දන්නවනේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර සීතල යුද්ධයක් තියෙනවා කියලා. හැබැයි මේ දෙගොල්ලො එක දෙයක් ගැන හුඟක් සමගියෙන් වැඩ කටයුතු කරනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒ වෙන මොනවත් නෙමෙයි අද අපි කතා කරන චොකලට්. දකුණු කොරියාවේ තමන්ගේ සේවකයන්ගේ ආහාර වේලත් එක්ක චොකලට් ලබා දෙන්න කටයුතු කරනවා ඉතින් උතුරු කොරියාවට ඒකට දෙවෙනි වෙන්න බෑනේ. ඒ ගොල්ලො තමන්ගේ සේවකයන්ට බොනස් එක විදියට දෙන්නේ චොකලට් පිරුණ කෑම පාර්සලයක් කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔය වගේම රසවත් කතා තියෙනවා.
බෙල්ජියම ජනතාව චොකලට් වලට හරිම කැමතියි. ඒ වගේම බෙල්ජියම කියන්නේ රසවත් චොකලට් හදන රටක් විදියට අඳුන්නන්ත් පුළුවන්. මේ හින්දම බෙල්ජියමේ මුද්දරයක් නිකුත් කරලා තියෙනවා. මේ මුද්දරේ ලොකු වෙනසක් තියෙනවා. බෙල්ජියමේ නිකුත් කරපු මේ මුද්දරේ චොකලට් සුවඳයි. ඒ මුද්දරේට පාවිච්චි කරපු තීන්ත වලින් තමයි මේ චොකලට් සුවඳ එන්නේ. ඒ වගේම චොකලට් සම්බන්දව තියෙන තවත් රසවත් කතාවක් තියෙනවා. මේ කතාවට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. ආදරෙත් එක්ක මේ චොකලට් වලට ලොකු සම්බන්ධතාවයක් තියෙනවනේ ඉතින් මේ ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආදරවන්තියෙක් වුන මොනිකා ලෙවින්ස්කි ගේ ආදර කතාව ප්රකසිද්ධ රහසක් වුනා. රුසියාවයි ඇමරිකාවයි ඉතින් එච්චර හිතවත් රාජ්යය දෙකක් නෙමෙයි නේ. ඒ හින්දම මොනිකා කියන නමින් චොකලට් වර්ගයක් රුසියාවේ හදන්න පටන් අරන් තියෙනවා. කොහොම හරි මේ චොකලට් වර්ගය රුසියාව ඇතුලේ හුඟක් ජනප්රිිය වුනලු. කොහොමද ආදරේ වගේම තරහ මරහ පෙන්නන්නත් චොකලට් පාවිච්චි කරලා තියෙනවා.

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...