Skip to main content

කෝච්චි වලට ඇයි පිරිමි නම් නැතුව කාන්තා නම් දාන්නේ?

මතකද කෝච්චියෙන් ගමනක් මුලින්ම ගියපු හැටි. ජීවිතේ එකම එක සැරයක් හරි දුම් රියෙන් ගමනක් ගිහින් ඇතිනේ. ඉතින් ඒ හින්දම ඔයා දන්නවා ඇතිනේ මේ දුම් රිය වලට නම් තියෙනව කියලත්. යාල් දේවි , උඩරට මැණිකේ, රුහුණු කුමාරි ඔය වගේ කාන්තා නම් තමයි දුම් රිය වලට තියෙන්නේ. ඇයි දුම් රියට පිරිමි නම් නැතුව කාන්තා නම් දාලා තියෙන්නේ?

සුදු ජාතිකයො අපේ රටේ ඉතුරු කරලා ගියපු දේවල් අතරේ තියෙන වටිනාම දෙයක් තමයි දුම් රිය සේවාව කියලා කියන්නේ. හැබැයි ඉංග්රීසි ජාතිකයො මේ දුම් රිය සේවාව ගමනා ගමනයට නෙමෙයි පාවිච්චි කලේ. උඩරට ප්රදේශයේ වවපු තේ, කෝපි අගනුවරට ප්රවාහනය කරගන්න තමයි දුම් රිය මාර්ග පද්ධතිය නිර්මානය කලේ. කොළඹ ඉඳලා අඹේපුස්ස වෙනකන් කිලොමීටර් 54 දුර ප්රමාණය තමයි දුම් රිය මාර්ග පද්ධතියේ පළවෙනි පියවර වෙලා තියෙන්නේ. කවදාවත් මෙච්චර ලොකු වාහනයක් දැකලා නොතිබුණ හින්දා අපේ පැරැන්නන්ට මේක අපූරු අත්දැකීමක් වෙන්න ඇති නේද?

දුම් දාන රිය දුම් රිය වුනා කියමුකො එත් ඇයි ඒකට කොච්චිය කියන්නේ කියලා නම් හොයාගන්න මට බැරිවුනා . ඒ කොහොම වුනත් ඉස්සර අපේ පැරැන්නො දුම් රිය අඳුන්නලා තියෙන්නේ යකඩ යකා කියලා. දුම් රිය සේවාවේ ස්වර්ණමය යුගය විදියට හඳුන්වන්නේ බී.ඩී රම්පාල මහත්මයා දුම් රිය සාමාන්ය අධිකාරිවරයා විදියට කටයුතු කරපු 1955 - 1970 අතර කාලය. ඔන්න ඔය කාලෙදි තමයි අපේ රටේ දුම් රියට සිංහල නම් දාන්න පටන් අරන් තියෙන්නේ. ඔන්න ඔතනදි තමයි කාන්තා නම් දුම් රියට පාවිච්චි වෙලා තියෙන්නේ. එතකන් ඒ කාලේ හිටිය බ්රිතාන්ය ආණ්ඩුකාරවරුන්ගේ නම් වලින් තමයි මේ දුම් රිය හඳුන්නලා තියෙන්නේ. කොහොම හරි කාන්තා නමකින් හඳුන්වපු පළමු දුම් රිය වෙලා තියෙන්නේ රුහුණු කුමාරි දුම් රියයි.

(මේ දුම්රිය ගමන් ආරම්භ කරද්දී පළවුණ පත්තර දැන්වීම පහල තියෙනවා. )
රුහුණු කුමාරි , උඩරට මැණිකේ , යාල් දේවි කියන්නේ තුන් නිවුන් සහෝදරියො කියලා තමයි හුඟ දෙනෙක් කියන්නේ. මේ දුම් රිය සේවා 3 එකම දවසක තමන්ගේ ගමන් ආරම්භ කරපු හින්දා තමයි මෙහෙම කියන්නේ. කොහොම වුනත් රුහුණු කුමාරි ගමන් ආරම්භ කරලා මාස 6කට පස්සේ තමයි උඩරට මැණිකෙයි , යාල් දේවි ගමන් ආරම්භ කරලා තියෙන්නේ.

එත් ජනතාව අතරේ ජනප්‍රිය කරන්න පළකරපු පත්තර දැන්වීමක් නිසා තමයි මේ දුම්රිය 3 තුන් නිවුන් සහෝදරියෝ කියලා කියන්නේ. (පත්තර දැන්වීම පහලින්)
දුම්රි යට කාන්තාවන්ගේ නම් යොදන්න ප්රධානතම හේතුව වෙලා තියෙන්නේ කාන්තාවට වගේම දුම් රියට ආකර්ෂණීය ගමන් විලාසයක් තියෙන එකලු. අනෙක් කාරණය තමයි ඒ ඒ ප්රදේශවල අනන්යතාවය පැහැදිලි කරන ප්රධාන සාධකය කාන්තාව වුන හින්දා කාන්තා නම් පාවිච්චි කළාලු. මොකද්ද මේ ප්රදේශවල අනන්යතාවය කියන්නේ.

දුම් රිය ගමන් කරන්න පටන් ගන්නේ කොළඹින් වුනාට ගමනාන්තය වෙන්නේ නුවර , යාපනය , අනුරාධපුරය එහෙම නැත්තම් දකුණේ ප්රදේශයක්. අපේ රටේ එක එක පළාත්වලට වෙන්වෙච්ච වෙනම අනන්යතාවයක් තියෙනවා. උදාහරණයක් විදියට හලාවත පැත්ත මුතු වලට ප්රසිද්ධයි. ඒ හින්දා හලාවතට යන දුම් රිය මුතු කුමාරි කියලා අඳුන්නනවා. මුහුදුබඩ මාර්ගයේ යන හැම දුම් රියකම අගට කුමාරි නම පාවිච්චි වෙලා තියෙන්නේ මුහුදුබඩ ප්රදේශවල ජීවත් වෙන කාන්තාවන් වැඩි දෙනෙක් කුමාරි නම පාවිච්චි කරපු හින්දලු. ඒ වගේම උඩරට ඉන්නේ මැණිකෙලා හින්දා බදුලු යන දුම් රියට උඩරට මැණිකේ කියලා නම තියලා තියෙනවා, උතුරේ කාන්තාවො වැඩි දෙනෙක් දේවිලා හින්දා තමයි කොළඹ ඉඳලා යාපනේට යන කෝච්චියට යාල් දේවි කියලා නම තියලා තියෙන්නේ..
කොහොමද වැඩේ.?

ඖෂංගි ගායනා සේනානායක

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...

මඟුල් පෝරුවේ රසවත් ඉතිහාස කතාව කියවන්න

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැළකිලිමත් වෙන හොඳම අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. විවාහයක වැදගත් අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ අතරින් පෝරුව හා බැඳුන සිරිත් විරිත් ගැන වගේම පොරුව හා බැඳුන මිත්‍යා මත ගැන තමයි මම අද ඔයාට ලියන්න යන්නේ. ඉතින් ඔයා දන්නවද කොහොමද මේ පෝරුව ආරම්භ වුනේ කියලා. පෝරුවේ චාරිත්‍ර කොතන කොයිවිදියට ආරම්භ වුනාද කියලා නිශ්චිත සාක්ෂි හම්බවෙන්නේ නෑ. ඒ හින්දා විවිධ අය මේ ගැන විවිධ මත පළ කරනවා. මහා සම්මත රජකාලේ ඉඳලා මේ පෝරුව පැවතගෙන එන බව සමහරුන්ගේ අදහසයි. මහා සම්මත රජු හා මැණික්පාලී කුමරිය අතර සිද්ද වෙච්ච විවාහ මංගල්‍යයට දස්කම් දිව්‍ය රාජයා විසින් කරපු නිර්මානයක් විදියටත් ඒ වගේම  පද්මාවතී කුමරිය බරණැස රජුට පාවා දුන් අවස්ථාවේ ඉඳලා මේ පෝරුව පැවත එන බවත් සඳහන් වෙනවා. තවත් මතයක කියවෙන විදියට සිද්ධාර්ථ යශෝදරා විවාහයේ පටන් මේ පෝරු චාරිත්‍ර ආරම්භ වුන බව පිළිගන්නා පිරිසකුත් අපි අතර ඉන්නවා. අලුත් යුවළට සෙත් ශාන්ති උදාකරන ක්‍රමයක් විදියට මේ පෝරුව චාරිත්‍ර හඳුන...