Skip to main content

ආදරණීය විප්ලවවාදියා - චේ ගුවේරා...

හැංගී හැංගී වෙස්මූණු බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා කතාවක් තියෙනවනේ අපේ සිංහල ජන සමාජය ඇතුලේ. කොහොම වුනත් මම අද කතා කරන්නේ හැංගී හැංගී සටන් කරපු, පොළොවෙ පය ගහලා එළිපිට ජීවත් වෙච්ච. පීඩිත පන්තිය වෙනුවෙන් වේදනා දුක් උහුලපු අති මානුශීය මිනිස් හදවතක් ගැන.. මෙහෙම කියනවට වඩා කෙටියෙන් කිව්වම කවුරුත් දන්න චේ ගුවේරා ගැන මම කතා කරන්න හිතුවේ ලෝකෙ වෙනුවෙන් වැඩක් කරපු අන්තිම හුස්ම ටික පවා අතීතයේ එක් දවසක  අනිත් මිනිස්සු වෙනුවෙන් කැප කරපු ඒ චරිතය ඇතුලේ අපිට ගන්න දෙයක් තියෙන හින්දා.චේ ගුවේරා ගැන කතා කරන්න  හරබර වචන ඕනේ නෑ.  ඔහු ගැන එක තනි වචනෙකින් කියනවා නම් චේ කියන්නේ පොරක්.


චේ ගුවේරා කියන නම ඇහුන ගමන් අපි කාටත් ඒ රූපේ මතක් වෙනවා. මැද තරුවක් තියෙන කළු තොප්පිය දාලා මූණ පුරා රැවුල වවාගත්ත හැඩකාර මුණ අපි හැමෝගෙම හිතේ එක මොහොතකට ඇඳිලා මැකිලා යනවා. ඒ තරමටම ඔහුව අපිට දැකලා පුරුදුයි.සමාජවාදය කියන දේශපාලන ප්‍රතිපත්තියේ මුදුන් මුලක් වෙච්ච චේ ගුවේරා ගැන අපි දන්න කියන තොරතුරු හරි අඩුයි.  මොකද අද youth එකේ ඉන්න අපේ කොල්ලො කෙල්ලො ටික චේ ගේ රූපේ තියෙන ටී ෂර්ට් එකක් කැප් එකක් දාන්න  උනන්දු වෙනවා මිසක් ඒ චරිතේ ඇතුලේ තියෙන සාරය උරා ගන්න උනන්දුවක් නෑ. අපි අදරේට චේ ගුවේරා කියලා කිකිව්වට එයාගේ ඇත්ත නම අර්නස්ටෝ ගුවේරා ඩි ලා සර්නා ලින්ච්. නම ඇහුවම මොකද හිතෙන්නේ.? පොඩි ස්පැනිෂ් ගතියක් එයාගේ නම ඇතුලේ තියෙනවා නේද. ඔව් චේ කියන්නේ ස්පැනිෂ් අයිරිෂ් පෙළපතකින් එන පවුලක ලොකු පුතා. පීඩාවට පත් වෙච්ච ජනතාව වෙනුවෙන් සටන් කරන්න ගියෙ නැත්තන් හොඳ සැප පහසු ජීවිතයක් ගෙවන්න පුළුවන් කම චේට තිබිලා තියෙනවා. හැබැයි චේ තෝරගන්නේ දුෂ්කර මාර්ගයක්..

අපි හුඟ දෙනෙක්ට ඉස්කෝලේ යන කාලේ විහිළු නමක් එහෙම නැත්තන් කාඩ් එකක් වැදිලා තියෙනවනේ. අන්න ඒ වගේ කාඩ් එකක් චේ ටත් තිබිලා තියෙනවා. එල් වැන්කො කියලා. ඒ නමේ තේරුම ඌරා. ඇවිදින්න ලෝකය දකින්න ආස කරපු චේ එයාගේ හොඳම යාළුව ඇල්බර්ටෝ එක්ක දිගම දිග ගමනක් යනවා. මේ ගමන යන්නේ මොටර් සයිකලෙන් ආජන්ටිනාවෙන් පටන් අරන් චිලී, මියාමි හරහා ගිහින් ඇමරිකාවේ ෆ්ලොරිඩා වලින් ඉවර කරන්නේ කිලෝ මීටර් 8000 ක දුරක් ගෙවලා කියලා තමයි සමහර පොත් පත් වල කියවෙන්නේ. රටවල් 30 කට වඩා ගිහින් තියෙන මේ ආදරණීය විප්ලවවාදියා අපේ ලංකාවටත් එනවා. ඒ 1959 අවුරුද්දේ ඔක්තොම්බර් 05 වෙනිදා. කියුබානු විප්ලවය ජයග්‍රහණය කරාට පස්සේ කියුබාව නව තානාපති සබඳතා ගොඩනගා ගන්න තමයි චේ ඒ විදියට ලංකාවට එන්නේ.

චේ පුංචි කාලේ ඉඳලම පුදුම විදියට ඇඳුම රෝගෙන් පීඩා විඳපු කෙනෙක්. හැබැයි කොයිම වෙලාවකවත් තමන්ගේ ලෙඩ ගැන හිතලා කරන වැඩේ නවත්තපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමයි චේ ගුවේරා කියන්නේ අති දක්ෂ වෛද්‍යවරයෙක්. බුවනොර්ස් අයර්ස් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ගන්න චේ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වගේම මෙක්සිකෝ, රජයේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරලා තියෙනවා.

චේ ගුවේරා කියන චරිතය ගොඩනැගෙන තැන කොතනද කියලා ඇහුවොත් ඒ කියුබානු විප්ලවය කියලා කට ඇරලා අපිට කියන්න පුළුවන්. මොකද කියුබානු විපලවයේ පෙරලිකාරයන් වෙච්ච රාහුල් ෆිදෙල් කියන සොහොයුරන් දෙන්නා මුණ ගැහෙන්නෙත් චේ කියන ආදරණීය නාමය චේට හිමි වෙන්නේත් මේ කියුබානු විප්ලවයේදී නිසා. කියුබානු ජනතාවගේ ආශිර්වාදයත් එක්ක ඒ කාලේ කියුබාවේ හිටිය කෲර පාලනයෙන් ජනතාව බේර ගන්න චේ , ෆිදෙල් ඇතුලු කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් බිහි කරපු රජයේ  මුදල් අමාත්‍ය දූරය වගේම කර්මාන්ත අමාත්‍ය ධූරයට පත්වෙන මේජර් චේ කොයිම වෙලාවකවත් තමන්ගේ තනතුරෙන් හිස උදුම්ම ගත්ත චරිතයක් නෙමෙයි. ඒ හින්දම තමයි චේ කියන චරිතයට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නේ.

‘වීර ගරිල්ලා සොල්දාදුවා’. අපි කවුරුත් දන්න කියන, චේ ගෙ සංකේතවත් ෆොටෝ එක. 1960, හවානා නුවර තිබුනු කියුබානු විප්ලව ජයග්‍රහණ සැමරුම වෙලාවෙදි ඇල්බර්ටෝ කොර්ඩා තමයි මේ ෆොටෝ එක ගන්නෙ. අවාසනාවට මේ ලෝක ප්‍රසිද්ධ ෆොටෝ එකෙන් ඇල්බර්ටෝ නම් සතයක්වත් උපයගෙන නෑ.
චේ ව මරන්න ප්‍රතිගාමී හමුදා ප්‍රධානින් තීරණය කරාට පස්සේ චේ මරණයට මුහුණ දුන්නු විදිය හරිම නිර්භීතයි. ”උඹ ආවෙ මාව මරන්න කියල මම දන්නව. වෙඩි තියපන් බයගුල්ලා. උඹ තවත් එක මිනිහෙක්ව මරනව විතරයි” මේ තමයි  චේ ගෙ අන්තිම වචන ටික. මරණය පෙනි පෙනි ඔහොම කියනව කියන්නෙ. කොහොම වුනත් මේ වචන පේලිය ලෝකෙ ප්‍රසිද්ධම ‘අන්තිම කියමන්’ ටික අතරෙත් තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

1967 ඔක්තෝබර් 8, රජයේ හමුදාවත් සහ ගරිල්ලන් අතරත් යූරෝ දුර්ගයේදී ඇතිවෙච්ච සටනින් තුවාල වෙන චේ බොලිවියානු හමුදාව අල්ල ගන්නවා.ඊට පහුවදා ඒ කියන්නේ ඔක්තොම්බර් 09 වෙනිදා ලා හිඟුවේරා නම් ගමේ අබලන් පාසැල් ගොඩ නැගිල්ලක් ඇතුලේ මේ තරුන සටන්කාමියා ඝාතනය වෙද්දී චේට වයස අවුරුදු 39 යි.
පුද්ගලිකව මගේ නම් සමාජවාදය ගැන එතරම් උනන්දුවක් මගේ නෑ. ඒත් මගේ ජීවිතේ ඇතුලේ චේ කියන පුද්ගලයා වීරයෙක් වෙන්නේ ඒ මිනිසා තුල තිබ්බ සංවේදීකම , නොසැලෙන වීර්ය වගේම මනුස්සකම නිසාමයි.

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කු

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා