Skip to main content

අපේ රටේ ජිවත් වුනු අරුම පුදුම දරුණු ජීවින් (නිට්ටෑවන්)

අපේ රටේ ජිවත් වුන පරණම ජන කොට්ඨාසය කවුද කියලා ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි ආදී වාසින් එහෙම නැත්තම් වැදි ජනතාව කියන දේ. හැබැයි අපි නොදන්නා අතීතයක අපේ රටේ ජිවත් වුන එක ජීවින් කොටසක් 17 වන සියවසේදී වඳවෙලා ගිහින් තියෙනවා. මේ ජීවින් තිරිසන් සත්ත්ව විශේෂයක් කියලා හඳුන්වන්නත් බෑ මිනිස්සු කියලා හඳුන්වන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ ජීවින් අරුම පුදුම ජිවී විශේෂයක් කියලා කියන්න අපිට පුලුවන්.


මේ නිට්ටැවන් හරියට නොදියුණු ගෝත්‍රික කණ්ඩායමක් වගේ. කොහොම හරි මේ වෙද්දී මේ ජීවි විශේෂය සම්පුර්ණයෙන්ම වඳ වෙලා ගිහින් කියලා තමයි කියන්නේ. 17 වන 19 වන් සියවස් විතර වෙනකන් තමයි මේ ජීවීන් අපේ රටේ ඉඳලා තියෙන්නේ. මේ ජීවින් විනාස වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ වැදිජනතාව කියලා තමයි මට දැනගන්න ලැබුනේ. මිනී මස් වගේම අමු මස් ආහාරයට ගන්න පුරුදු වෙච්ච දරුණු ජීවින් කොටසක් තමයි මේ නිට්ටෑවෝ කියලා කියන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ නිට්ටෑවෝ මොනවගේ පිරිසක්ද ඒ අයගේ පෙනුම කොයි වගේද කියලා.

ඇත්තටම නිට්ටෑවන්ට දිග තියුණු නියපොතු තිබිලා තියෙනවා. ඒ හින්දම තමයි මේ ජීවීන්ට මේ නම ලැබිලා තියෙන්නේ. නිය + ඈයෝ නිට්ටෑවෝ වුනා කියලා තමයි ජනප්‍රවාද වල කියවෙන්නේ කොහොම වුනත් මේ ජිවින්ගේ ස්වරූපය මිනිස්සුන්ට යම්තමින් සමාන කමක් තිබුනට වානර වඳුරු ලක්ෂණ තමයි වැඩි හරියක් තිබිලා තියෙන්නේ. මේ අය අඩි 2 ත් 3ත් අතර උසකට තමයි වැඩිලා තියෙන්නේ. පෙනුමෙන් වඳුරන්ට සමාන වුනාට මේ ජීවීන්ට මිනිස්සුන්ට වගේ කෙලින් ඇවිදගෙන යන්න පුළුවන්කම තිබිලා තියෙනවා.

කොහොම හරි මේ නිට්ටෑවොයි අපේ වැදි ජනතාවයි අතර පිරිමහගන්න බැරි වෛරයක් තිබිලා තියෙනවා. වැදි ජනතාව කැලෑවට ගිහින් දඩයම් කරද්දී මේ නිට්ටෑවන්ගේ දරුණු ප්‍රහාර වලට මුහුණ දීලා මිය යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රෑට වැදි ජනතාවගේ පැල්පත් වලට රිංගලා පුංචි වැදි පැටව් අල්ලගෙන ගිහින් කාලා දාලා තියෙනවා. ඉතින් මේ වද හිංසා ඉවසගන්න බැරි තැන මේ නිට්ටැවන්එක ගුහාවකට කොටු කරලා සමූලවශයෙන් පුච්චලා මරලා දාලා තියෙනවා. මේ හින්දා මේ ජිවීන් වඳ වෙලා ගියා කියලා තමයි ජනප්‍රවාද වල කියවෙන්නේ. හැබැයි අම්පාර , මොණරාගල ප්‍රදේශ වල තාමත් මේ සත්තු එකා දෙන්නා ජිවත් වෙනවා කියලා කටකතා නම් පැතිරෙනවා.

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් කියන විදියට මේ නිට්ටෑවෝ අපේ රටට එන්නේ රාම රාවණා ගැටුම සිද්ධ වෙච්ච කාලේ. හනුමාන්ගේ පිරිවර විදියට ආපු වානර හමුදාවෙන් ඉතිරි වුන කොටස තමයි මේ නිට්ටෑවෝ කියන්නේ කියලා තමයි එතුමා කියන්නේ. අවුරුදු දහස් ගානකට කලින් මේ වගේම ජීවින් පිරිසක් ඉන්දියාවේ ජිවත් වෙලා තියෙන නිසා මේ මතය සාර්ථක මතයක් වෙන්නත් පුළුවන්.
මේ ජීවින් නිසා අදටත් අපේ රටේ ගම්කිපයක් හඳුන්වන්න අපූරු නම් පාවිච්චි වෙනවා. නිට්ටෑ + අඹුව ජිවත් වුන ත් ප්‍රදේශය නිට්ටඹුව වගේම නිත්තෑවිල වගේ ගම්වලට නම් හැදිලා තියෙන්නේ මේ ජීවි විශේෂය නිසා කියලා තමයි කියවෙන්නේ.ඉතින් හිතලා බලන්න මේ වගේ අපේ රටේ අපිට මඟ හැරුන තැන් කොයිතරම් ඇද්ද? ඒවා නැත්තටම නැතිවෙලා යන්න නොදී ඔයාගේ දැනුමට මේ දේවල් එකතු කරන්නේ අපේ අනාගත පරම්පරාවට මේ දේවල් උරුම කරලා දෙන්න ඕන නිසා.

ඖෂංගි ගායනා සේනානායක

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...