Skip to main content

විවේකයේ පාරාදීසය ගාලු මුවදොර

ජීවිතේ කොයිතරම් කාර්යබහුලද නේද?  සතිඅන්තයෙන් පස්සෙ ඔන්න ආයෙමත් වැඩ වැඩි සතියක් පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ සතිය අපි හැමෝම දන්න කියන තැනකින් පටන් ගන්න ඕනේ කියලා මම හිතුවා. කොළඹ අවට ඉන්න හැමෝම වගේ කෙටි නිවාඩුවක් ලැබුන ගමන් යන තැනක් ගැන තමයි අද මම ඔයාට ලියන්න හිතුවේ. ඒ වගේම පෙම් වතුන්ගේ පාරාදීසය විදියටත් මේ තැන හඳුන්වන්න පුළුවන්. ඉතින් කොයිකවුරුත් දන්න ගාලුමුවදොර පිටිය. එහෙම නැතිනම් Galleface එක ගැන නොදන්න දේවල් ටිකක් ලියන්නයි මම මේ හදන්නේ.
ගොඩනැගිලි පිරුණු කොළඹ කොන්ක්‍රීට් වනාන්තරේ මැද්දේ තියෙන විශාලතම හිස් බිම් කඩ විදියට මේ ගාලුමුවදොර පිටිය හඳුන්වන්න පුළුවන්. එක් කෙළවරක් මුහුදටත් අනෙක් පසින් ගාලු පාරටත් මායිම්ව පිහිටන මේ බිම් කඩේ සුන්දර ඉතිහාස කතාවක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අද මම ඔයාට මේ ලියන්නේ.
ගෝල්ෆේස් එහෙම නැතිනම් ගාලුමුවදොර කියන්නේ ශ්‍රී ලංකාවේ , කොළඹ තියෙන ඇවිදින්න වෙන්කරපු කිලෝමීටර් භාගයක් විතර දිග භූමියක්. Henry Ward කියන බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරයා තමයි මේ භූමිය නිර්මාණය කරලා තියෙන්නේ. අශ්වයො පදින්නයි ගොල්ෆ් ගහන්නයි තමයි ඒ දවස්වල මේ බිම වෙන්කරලා තිබිලා තියෙන්නේ. අද තියෙනවට වඩා ලොකු ඉඩක් එදා තිබිලා තියෙනවා. 1856 මේ කියන ආණ්ඩුකාරවරයා මේ බිම් තීරුව කොළඹ ජීවත්වෙන කාන්තාවන්ට වගේම දරුවන්ගේ විවේකය වෙනුවෙන් වෙන්කරන බවටත් ඉදිරි පාලකයන්ගේ අනුග්‍රාහය යටතේ පවත්වාගෙන යායුතු බවත් පලකයක ලියලා පළ කරලා තියෙනවා. අද වෙද්දී ගාලුමුවදොර පිටිය හෙක්ටයාර 5ක පමණ බිමකට හිමිකම් කියනවා.එදා ගාලුමුවදොර මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් වෙන් කලාට අද ඒ නිදහස ජනතාවට ලැබෙනවාද කියන එක නම් ප්‍රශ්නයක්.

ගෝල්ෆේස් එක එදා වෙන්වුනේ කාන්තාවන්ටයි දරුවන්ටයි කියලා මම කිව්වනේ. ඒත් අද මේ ගාලුමුවදොර පිටිය වෙන්වෙන්නේ කවුරු වෙනුවෙන්ද? මෙහෙම අහපු ගමන් ඔයාට මතක් වෙන්නේ පෙම්වතුන් ආදරවන්තයින් නේද? ඒ තරමට ගාලු මුවදොර පිටිය පෙම්වතුන්ට ගහට පොත්ත වගේ බැඳිලා තියෙන දෙයක්. ඔයත් එක වරක් හරි මෙතනට ඇවිත් ගිහින් ඇති.නිකමට හිතිලා නැද්ද මේතනට මේ නම වැටෙන්න හේතුව මොකද්ද කියලා. හිතලා බලන්නකො ගාල්ලේ තියෙන්න ඕනේ ගාලු මුවදොර ඇයි කොළඹ තියෙන්නේ කියලා.ගෝල්ෆේස් කියන නම හැදෙන්න එක හේතුවක් තමයි ගෝල්ෆාස් කියන ඕලන්ද යෙදුම. ගාල්ලට මුහුණලා තියෙන තියෙන ප්‍රාකාර බැම්ම කියන තේරුම ඇතුව තමයි එහෙම යොදලා තියෙන්නේ කියලා එක මතයක කියවෙද්දී ගාල්ල ප්‍රදේශයට මුහුණලා තියෙන නිසා මෙහෙම හඳුන්වනවා කියලත් සමහරු කියනවා.ඒ වගේම ගාලුපාර පටන් ගන්නෙත් මෙතනින් හින්දා මේ නම පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්.
අද මේ ගාලු මුවදොර විවේකය වෙනුවෙන් වෙන්වුනාට , මේ ගොල්ෆේස් එකේ අපි ආදරේ කලාට, පුංචි දරුවො සරුංගල් යැව්වට, එදා මේ භූමියේ වුන දේවල් ඔයා දන්නවද? යටත් විජිත කාලේදි මේ භූමිය පාවිච්චි කරලා තියෙන්නේ වැරදිකරුවො එල්ලලා මරණ වධක භූමියක් විදියට, ඒ වගේම අද තරු පහේ හෝටල් කීපයකින්ම වටවෙලා තියෙන මේ භූමිය එදා පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන්ගේ සොහොන් පිටියක් වෙලා තිබිලා තියෙනවා.1828 දී විතර මේ භූමිය එඩ්වඩ් බාන්ස් කියන ආණ්ඩුකාරවරයා යටතේ මේ භූමිය තුරඟ තරඟ පිටියක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා.
ඒ වුනාට හෙන්ඩ්‍රි වෝඩ් ආණ්ඩුකාරවරයා  මේ බිම කාන්තාවන්ටයි දරුවන්ගෙයි නිදහස වෙනුවෙන් වෙන්කළාට පස්සේ ඉඳන් අද වෙනකන්ම  අපේ විවේකය වෙනුවෙන් මේ බිම වෙන්වුනා.

ඖෂංගි ගායනා සේනානායක

Comments

  1. TINIAN STONE GOLD AT THE BETTER - TITIAN ROUND
    TINIAN STONE GOLD AT ford focus titanium hatchback THE BETTER. TINIAN STONE titanium earring posts GOLD AT titanium oxide formula THE titanium nail BETTER. TINIAN STONE GOLD AT titanium white octane blueprint THE BETTER. TINIAN STONE GOLD AT THE BETTER.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...