Skip to main content

පිදුරංගල ඉතිහාසය කියවන්න

සීගිරිය කියන්නේ දෙස් විදෙස් ලාංකිකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වුන සංචාරක ගමනාන්තයක්. නමුත් සීගිරියට කිලෝමීටර් 2ක් තරම් නුදුරින් පිහිටි පිදුරංගල ගැන සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වුනේ මේ මෑත කාලිනවයි. පිදුරංගල මුදුනේ සිට සීගිරි ගල පසුබිමෙන් පෙනෙන විදියට ලබාගත් ඡයාරූප Facebook හි විවිධ පුද්ගලයින් පළකිරීමත් සමඟ පිදුරංගල කෙරෙහි සංචාරක ආකර්ෂණය වැඩිවුනා කිව්වොත් හරියටම හරි.ඒත් මේ රැල්ල අවසානයේ නතර වුනේ තරුණ පිරිමි ළමුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වීමෙන්. අපි ඇවිදින්න යන්න ආසයි, අපි විනෝද චාරිකාවක් යන්නේ විනෝද වෙන්න තමයි. හැබැයි අපි යන්නේ කොතනටද ගිහින් හැසිරෙන්න ඕනේ මොන විදියටද කියන එක අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි කියන එකයි මගේ නම් අදහස.   කොහොම වුනත් මම මේ ලිපිය ලියන්න හිතුවේ පිදුරංගල ඇති ඓතිහාසික පසුබිම ගැන සොයා බැලීමයි.ඇත්තටම පිදුරංගල ඇති ඓතිහාසික වටිනාකම මොනවගේද? අතීතයේ එක තැනක කියවෙන විදියට කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා වැඩසිට තිබෙනවා. සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය ආලකමන්දාවක් බවට පත්කරද්දී භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැන නැගී තිබෙනවා. ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න කාශ්‍යප රජතුමා කටයුතු කර තිබෙනවා. කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , එහෙම නැතිනම පිදු අරං ගල පහුකාලිනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ.   ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී මේ විහාරය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් ද හඳුන්වා තිබෙනවා.   පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බව එච්. සි.පි බෙල් මහතාගේ වගේම සෙනරත් පරනවිතානයන්ගේද අදහස වී තිබෙනවා, තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනා මාන කල බවත් කියවෙනවා.   එමෙන්ම මහා වංශය ලියු මහාවිහාරික මහානාම හිමියන්ද කලක් මෙහි වාසය කිරීමත් කාශ්‍යප නිරිඳුන්ගේ අවධානය මෙම විහාරස්ථානය කෙරෙහි යොමුවන්නට තවත් හේතුවක් වන්න ඇති. මහානාම හිමියන් කියන්නේ නෑදෑකමින් ධාතුසේන රජතුමාගේ මාමා කෙනෙක්. සොලී ආක්‍රමණ පැවති කාල වකවානුවේ ධාතුසේන රජතුමාවත් කාශ්‍යප හා මුගලන් අතර පැවති සටන් වලදී කාශ්‍යප රජතුමාටත් ආරක්ෂාව සලසන්නේ මේ මහානාම හිමියනුයි. ඉතින් ඒ නිසාම කාශ්‍යප රජතුමා මහාවංශය ලියු මහානාම හිමියන් සමඟ බොහොම සමීප ඇසුරක් පවත්වා තිබෙන බව පෙනියනවා.   ඉතිහාසයේ තවත් තැනක කාශ්‍යප නිරිඳුන්ගේ අවසන් කටයුතු පිදුරංගල විහාරයේ සිදුකල බවත් කියවෙනවා. ඒ වගේම පිදුරංගල කඳු මුදුනට යන අයෙක්ට දැක ගත හැකි තවත් දෙයක් තමයි ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය, මේ පිළිබඳවත් විවිධ මත සඳහන් වෙනවා. සතුරු ආක්‍රමණ ගැන බියෙන් පසු වුන කාශ්‍යප රජතුමා එවන් අවස්තාවක් කල් තියා දැනගන්න හිතාගෙන මේ ගල මෙහි මුදුනත රදවා තබන්න ඇති යන්න එක මතයක් එහිදී එම ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකියි.   එදා සිගිරිය හා බැදී පැවතුන පිදුරංගල ගැන අපට ඇත්තේ අල්ප දැනීමක් බව අප තේරුම් ගත යුතුයි. සිගිරියට පැමිණෙන සංචාරකයින්ගෙන් අඩක්වත් මෙම පිදුරංගල භූමියට එන්නේ නැතිවුනත් පිදුරංගල පර්වත මුදුනට පැමිණෙන පිරිසෙනුත් සීමිත පිරිසක් තමයි පිදුරංගල විහාර සංකීර්ණය වැඳපුදා ගන්නේ. ඉතින් මේ සා වටිනාකමක් හිමි පිදුරංගල නොදැන නෙමෙයි දැනගෙන යායුතු ගමනක් බව අපි හැමෝම තේරුම් ගත යුතුයි.

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...

මඟුල් පෝරුවේ රසවත් ඉතිහාස කතාව කියවන්න

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැළකිලිමත් වෙන හොඳම අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. විවාහයක වැදගත් අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ අතරින් පෝරුව හා බැඳුන සිරිත් විරිත් ගැන වගේම පොරුව හා බැඳුන මිත්‍යා මත ගැන තමයි මම අද ඔයාට ලියන්න යන්නේ. ඉතින් ඔයා දන්නවද කොහොමද මේ පෝරුව ආරම්භ වුනේ කියලා. පෝරුවේ චාරිත්‍ර කොතන කොයිවිදියට ආරම්භ වුනාද කියලා නිශ්චිත සාක්ෂි හම්බවෙන්නේ නෑ. ඒ හින්දා විවිධ අය මේ ගැන විවිධ මත පළ කරනවා. මහා සම්මත රජකාලේ ඉඳලා මේ පෝරුව පැවතගෙන එන බව සමහරුන්ගේ අදහසයි. මහා සම්මත රජු හා මැණික්පාලී කුමරිය අතර සිද්ද වෙච්ච විවාහ මංගල්‍යයට දස්කම් දිව්‍ය රාජයා විසින් කරපු නිර්මානයක් විදියටත් ඒ වගේම  පද්මාවතී කුමරිය බරණැස රජුට පාවා දුන් අවස්ථාවේ ඉඳලා මේ පෝරුව පැවත එන බවත් සඳහන් වෙනවා. තවත් මතයක කියවෙන විදියට සිද්ධාර්ථ යශෝදරා විවාහයේ පටන් මේ පෝරු චාරිත්‍ර ආරම්භ වුන බව පිළිගන්නා පිරිසකුත් අපි අතර ඉන්නවා. අලුත් යුවළට සෙත් ශාන්ති උදාකරන ක්‍රමයක් විදියට මේ පෝරුව චාරිත්‍ර හඳුන...