ගල්කිස්ස මහා හෝටලය එහෙම නැත්තම් මවුන්ට් ලැවිනියා හෝටලය ලංකාවේ තියෙන ජනප්‍රියම හෝටල් වලින් එකක්. එකිනෙකාට ආදරේ කරන ආදරවන්තයින්ගේ අවසන් බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ විවාහය. ගල්කිස්ස මහා හෝටලයේදී කොයිතරම් ආදර කතා එක්වෙන්න ඇතිද? එත් ඔබ දන්නවද මේ හෝටලය පිහිටා තිබෙන ගොඩනැගිල්ල තවත් ආදර කතාවක දුක්ඛිත මතකයක් දරාගෙන ඉන්න බව. මම අද ඔබට ලියන්නේ ඒ දුක්බර ආදර කතාවේ සුන්දර මතකය ගැන. අද හෝටලයක් වුනත් ඉංග්‍රීසි යටත් විජිත කාලේ මේක පාවිච්චි වෙලා තියෙන්නේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස විදියට. මේට්ලන්ඩ් බංගලාව කියලා තමයි මේ ගොඩනැගිල්ලට ඒ කාලේ කියලා තියෙන්නේ. හැබැයි මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයා අපේ රටින් නැව් නැගලා පිටත්ව යනවාත් එක්කම මේ ගොඩනැගිල්ලේ නම වෙනස් වෙනවා. ඒ “මවුන්ට් ලැවිනියා” විදියට. ඒ ගොඩනැගිල්ලට විතරක් නෙමෙයි අද වෙද්දී ඒ ප්‍රදේශයටත් කියන්නේ මවුන්ට් ලවීනියා කියලා. ඒ අවට තියෙන වෙරළතිරයත් හඳුන්වන්නේ ඒ නමින්. ඇයි ඒ? එයට හේතුවුනේ එකතු වෙන්න බැරි වුන දෙන්නෙක්ගේ නොනිමි ආදර කතාවක්. මේ ආදර කතාවේ ආදරවන්තයා ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්. එතකොට එයාගේ ආදරවන්තිය කවුද? තෝමස් මේට්ලන්ඩ්