අපේ රටේ කොයිතරම් සුන්දර තැන් තියෙනවද? ඒ තැන්වල සුන්දරත්වයත් එක්කම
හැංගුන වටිනාකම් ගොඩක් තියෙනවා. ලස්සන ජනප්රවාද, සුන්දර මතකයන් එක්වුන
තැනක් ගැන ලියන්න ඕනේ කියලා මට හිතුනා.මම අද ඔයාට ලියන්නේ උස්සන්ගොඩ ගැන.
කොළඹ ඉඳලා යනවා නම් මාතර හම්බන්තොට පාරේ ගිහිං තංගල්ල පහුකරලා කිලෝමීටර්
5ක් විතර ගියාම මේ උස්සන්ගොඩට හැරිලා යන්න ඕන පාර හම්බ වෙනවා. එතනින්
කිලොමීටර් එකහමාරක් ගියාම තමයි මේ උස්සන්ගොඩ උද්යානය හම්බවෙන්නේ.
අපේ රටේ 21 වෙනි ජාතික උද්යානය තමයි උස්සන්ගොඩ කියලා කියන්නේ. ඉතින් මේ තැන අතීතයේ ඉඳන් කටවහරේ එන ජනප්රවාද ගොඩක් තියෙන හින්දා තමයි මම අද මේ උස්සන්ගොඩ ගැන ඔයාට ලියන්න හිතුවේ.
ඈත අතීතයේ අහසින් යන්න පුළුවන් වාහන අපේ පැරැන්නන්ට තිබුණා කියලා අපිට ඉඳලා හිටලා අහන්න ලැබෙනවනේ. උදාහරනයක් විදියට රාවණා රජතුමාගේ දඬුමොණරය ගැන පැරණි සාහිත්යයේ ලියවිලා තියෙනවනේ. ඉතින් මේ රාවණා රජතුමාගේ ගුවන් යානා ගොඩබාන්න හදපු ගුවන් පථය මේ උස්සන්ගොඩ පිහිටලා තියෙන රතුපාට පස්, පිච්චුන ගල් ඇතිවෙලා තියෙන රාවණාගේ දඬුමොණරය මේ ප්රදේශයේ ගොඩබාපු නිසා කියලා තමයි එක එක මතවල කියවෙන්නේ.
උස්සන්ගොඩ උද්යානය බිහිවුන හැටි ගැන කියන තවත් එක ජනප්රවාදයක කියවෙන්නේ උල්කාපාතයක් හින්දා මේ අරුම පුදුම භූමිය නිර්මාණය වුනා කියලයි. උස්සන්ගොඩ රතු පස් පොළොවේ ආවාටයක් වගේ තැනක් තියෙනවා. මෙතනට උල්කාපාතයක් කඩා වැටුන හින්දා මේ අසාමාන්ය පරිසර පද්ධතිය නිර්මාණය වුනා කියලා අපේ පැරැන්නො කියනවා. උල්කාපාතය කඩා වැටිලා උස් වුන ගොඩ පස්සේ කාලෙකදි උස්සන්ගොඩ වුනා කියලා තමයි ජනප්රවාද වල වැඩිපුර කියවෙන්නේ.
කහ කුරුලු සංදේශය , බලිතොවිල් , මංගර හෑල්ල , මහසොහොන් සමයම , දෙවොල්මඩු ශාන්ති කර්මය වගේ තැන්වල මේ උස්සන්ගොඩ ගැන කවි කියවෙනවා. ඒ විතරක් ද ඔය චාමර වීරසිංහත් ලස්සන සින්දුවක් කියන්නේ උස්සගොඩ කඳු මුදුනට කියලා. ඉස්සර උස්සන්ගොඩ යන අයට උණ ගැනෙනවා කියලා කථාවක් එහෙමත් තිබිලා තියෙනවා. ඉතින් ඒ හින්දම අපේ පැරැන්නො විශ්වාස කරනවා මේ උස්සන්ගොඩට අදෘෂ්යමාන බලවේගයක් තියෙනවා කියලා. කොහොම වුනත් මේ උස්සන්ගොඩ තියෙන රතු පස් තට්ටුව උඩ ගස් කොළන් පැළවෙන්නේ නෑ. හැබැයි මේ ප්රදේශයේ තියෙන දැඩි හුළඟ හින්දා මේ රතු පස් උඩ තවත් පස් තට්ටු තැන්පත් වෙලා ඒ පස්වල එරමිණියා , කරඹ , පතොක් වගේ ශාක වැවිලා තියෙනවා.
මේ උස්සන්ගොඩ උද්යානයේ මුහුදට මායිම් වෙන කොටස හොඳටම මුහුදු ඛාදනයට ලක්වෙන ප්රදේශයක් විදියට සළකනවා. අතීතයේ හිටිය මනාභරණ රජතුමාගේ මළිඟයක් මේ ප්රදේශයේ පිහිටලා තිබිලා තියෙනවා. පස්සේ ඔය මුහුදු ඛාදනය හින්දම ඒ මාළිඟාවත් මුහුදට බිලිවුනාලු. ඔන්න ඔය වගේ හරි අපූරු ජනකථා උස්සන්ගොඩ කියන මේ ප්රදේශයත් එක්ක බැඳිලා තියෙනවා.
විද්යාත්මක පරීක්ෂණ වලින් කියවෙන විදියට නම් ජනප්රවාද වල කියවෙන උල්කාපාත ගැටුම ඇත්තක් වෙන්න පුළුවන් ලු. දැනට අවුරුදු මිලියන 15 කට විතර කලින් සිද්ධ වුන මේ උල්කාපාත ගැටුම නිසා මේ ප්රදේශයේ පසේ ලෝහ සාන්ද්රණය වැඩි වෙලා තියෙනවා. ඔන්න ඔය කාරණය හින්දා තමයි උස්සන්ගොඩ කියන ගස් කොළන් වැවෙන්නේ නැති රතුපාට අරුම පුදුම භූමිය බිහිවෙලා තියෙන්නේ. කොහොම වුනත් මේ සුන්දර ස්ථානයට ගිහින් නැත්තම් එකපාරක් හරි ගිහින් එන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ජාතික උද්යානයක් හින්දා පුංචි මුදලකට ටිකට් එකක් මිලට ගන්නත් ඔයාට සිද්ධ වෙනවා. මේ භූමියේ තියෙන සුන්දරත්වයත් එක්ක ඒ වැයවුන මුදල ගැන ඔයාට හිතන්නවත් හිතෙන එකක් නෑ.
ඖෂංගි ගායනා සේනානායක

Comments
Post a Comment