Skip to main content

රාවණා රජතුමාව පාවා දුන් .. එතුමාගෙ සහෝදරයා විභීෂණ රජතුමා

අපේ රටේ ඉතිහාස කතාව හොයාගෙන යන ගමනෙදි අපිට මුණ ගැහෙන අති විශිෂ්ඨම චරිතය තමයි රාවණා කියලා කියන්නේ. ඉන්දියානු ජන සාහිත්යමයේ එන රාමායනයේ කියවෙන විදියට මේ විශිෂ්ඨ රාජ්ය පාලකයා නිහඬ වෙන්නේ රාම එක්ක පැවතිච්ච සටන හින්දා. රාවණා කියන්නේ මුළු විශ්වයටම තම බල පරාක්රවමය විහිදවපු රජ කෙනෙක්. හැබැයි ඉන්දියාවේ හිටිය ප්රාවදේශීය පාලකයෙක් වුන රාමට මේ රාවණා රජතුමා පරාද වෙනවා. ඒ පරාජයට හේතුව වෙන්නේ රාවණා රජතුමාගේ සහෝදරයෙක් වුන විභීෂණ. ඉතින් අපේ හෙළයන්ගේ ඉතිහාසය හොයාගෙන යන අද දවසේ මම හිතුවා මේ විභීෂණ කියන ඉතිහාස ගත වුන චරිතය ගැන හොයලා බලන්න ඕනේ කියලා. විභීෂණ කියන නමත් එක්ක එක තැනක රජතුමා කියලත් තවත් තැනක දෙවියන් කියලත් යෙදෙන අවස්ථා අපිට මුණ ගැහෙනවා. විභීෂණ කියන්නේ දෙවි කෙනෙක්ද එහෙම නැත්තම් රජ කෙනෙක්ද?

ලංකාව පාලනය කරන, මේ හෙළදිවයින ආරක්ෂා කරන සතර වරම් දෙවිවරු අතරින් කෙනෙක් විදියට විභීෂණ දෙවියන්ව අඳුන්නනවා... අනෙක් තුන් දෙනා වෙන්නේ උපුල්වන් , සමන් , ස්කන්ධ කුමාර කියන දෙවිවරුයි.. මේ විභීෂණ දෙවියන් දේවත්වයට පත්වෙන්න කලින් අතීත හෙළදිවයිනේ රජ කෙනෙක් විදියට ජීවත් වුනා.. රාවණා රජතුමාගෙන් පස්සේ මේ හෙළදිවයිනේ රාජ්ය ත්වයට පත්වෙන්නේ මෙතුමා කියලයි පිළිගැනීම වෙන්නේ.. අපේ රටේ මුල් පදිංචි කාරයන් විදියට අපි අඳුනගත්ත යක්ෂ ගෝත්රිගකයන් අතරින් කෙනෙක් තමයි විභීෂණ කියලා කියන්නේ. විභීෂණ කියන නමේ තේරුමෙන් කියවෙන්නේ සතුරන් බියට පත්කරවන්නා කියලයි. සතුරන් බියට පත් කරන තරමට ශක්තිමත් වුන විභීෂණ රජතුමා රාම රාවණා සටනෙදි තමන්ගේ සහෝදරයට ද්රෝ හි වෙනවා. රාවණා රජතුමා විභීෂණයන්ගේ වැඩිමහල් සහෝදරයා. ඒත් මේ දෙන්නා අතරේ හිත් නොහොඳකම් කීපයක්ම තිබුණා. ඒ හින්දම තමයි රාම රාවණා සටනෙදි තමන්ගේ අයියව පරාද කරන්න රාමට අවශ්යජ උදව් උපකාර විභීෂණයන් ලබා දෙන්නේ.

විභීෂණ රජතුමා රාවණයන්ගේ සහෝදරයෙක් විදියට සැළකුවට එතුමා රාවණා රජතුමාගේ අර්ධ සහෝදරයෙක් කියලා තමයි කියවෙන්නේ. ඒ කියන්නේ රාවණා රජතුමාගෙත් විභීෂණ රජතුමාගෙත් පියා වෛශ්රෙවණ මුණි වුනත් රාවණා රජතුමාගේ මව වුණ කෛකසි දේවිය විභීෂණයන්ගේ මව නොවේ කියලයි කියවෙන්නේ. හැබැයි තවත් තැනක කියවෙන විදියට නම් රාවණා, කුම්භකර්ණ , විභීෂණ, සහ සුපර්ණකා කියන්නේ එක කුස ඉපදුන සහෝදරයින් කියලත් කියවෙනවා. වෛශ්රිවණ මුණිට දාව ඉන්දියානු දේවියකට ලැබුණ කුවේර තමයි මුලින්ම ලංකාවේ පාලනය ගෙනගිහින් තියෙන්නේ. ඒත් කුවේරයන් ව ආක්රනමණය කරපු රාවණා තමන්ගේ බලය හෙළදිවයින පුරා පතුරනවා. කුවේරයන්ට අයිති වෙලා තිබුණ ආලකමංදාව වගේම දඬුමොණරයත් රාවණා අයිතිකරගන්නවා. හැබැයි මේ හෙළදිවයිනේ පාලනයට කැමැත්තෙන් හිටපු තව කෙනෙක් තමයි විභීෂණ කියන්නෙත්. ඒත් බලසම්පන්න රාවණා එක්ක මුහුණට මුහුණ සටන් කරන්න තරම් බලයක් විභීෂණට තිබුණේ නෑ. මේ නිසා මේ දෙන්නා අතර පොඩි පොඩි මත ගැටුම් ඇතිවෙන්න ඇති කියලා කියවෙනවා.

විභීෂණ රජතුමා සහ රාවණා රජතුමා අතරේ තිබුණ හිත් නොහොඳකම් වලට හේතුවුන තවත් කාරණයක් තමයි රාවණා රජතුමාගේ සුන්දර බිරිඳ මන්දෝදරී. මෘදු උදරයක් ඇති කියන තේරුම ඇතුව තමයි ඇයට මේ නම යොදලා තියෙන්නේ. සමහර තැන්වල කියවෙන විදියට නම් සීගිරියේ සටහන් වෙලා තියෙන සීගිරි ලලනාවන් වෙන්නේ මේ මන්දෝදරී සහ ඇයගේ පරිවාර ස්ත්රීනන් කියලයි කියවෙන්නේ. ඉතින් මේ සුන්දර කාන්තාවට විභීෂණයන් ආදරේ කරන්න පටන් ගන්නවා. මේ ආදරයත් එක්ක ඇයව විවාහ කරගෙන ඉන්න තමන්ගේ සහෝදරයා ගැන අහිතක් ඇතිවෙන්න ඇති කියලත් ඉතිහාස කතා ගැන අදහස් පළකරන විද්වතුන් කියනවා. කොහොම වුනත් රාම රාවණා යුද්ධයේදී රාවණා රජතුමා පරාද වීමත් එක්ක ලංකාවේ බලය වගේම මන්දෝදරී ව විවාහ කරගන්න අවස්ථාවත් විභීෂණයන්ට ලැබෙනවා.
ලංකාවේ පාලන බලය හිමිවීමත් එක්ක තමන්ගේ රාජධානිය විදියට විභීෂණයන් තොරාගන්නේ කැළණිය ප්රහදේශය. ඒ හින්දම වෙන්න ඇති එතුමන් දේවත්වයට පත්වෙන්නේ කැළණිය ප්රහදේශයේ අශ්රිේතවයි. කැළනිය ප්ර දේශයේ තමන්ගේ පාලන කටයුතු කරගෙන ගිය විභීෂණ රජතුමා මරණින් පස්සේ මේ විදියට දේවත්වයට පත්වෙන්න ඇති. කොහොම වුනත් විභීෂණ දෙවියන්ට වැඳුම් පිඳුම් කරන්න ජනතාව යොමු වෙන්නේ කෝට්ටේ යුගයේ ඉඳලා කියලා තමයි කියවෙන්නේ.

ඉතිහාසය වෙනස් විදියට රස විඳින්න  

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කු

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා