Skip to main content

මඟුල් පෝරුවේ රසවත් ඉතිහාස කතාව කියවන්න

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැළකිලිමත් වෙන හොඳම අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. විවාහයක වැදගත් අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ අතරින් පෝරුව හා බැඳුන සිරිත් විරිත් ගැන වගේම පොරුව හා බැඳුන මිත්‍යා මත ගැන තමයි මම අද ඔයාට ලියන්න යන්නේ.

ඉතින් ඔයා දන්නවද කොහොමද මේ පෝරුව ආරම්භ වුනේ කියලා. පෝරුවේ චාරිත්‍ර කොතන කොයිවිදියට ආරම්භ වුනාද කියලා නිශ්චිත සාක්ෂි හම්බවෙන්නේ නෑ. ඒ හින්දා විවිධ අය මේ ගැන විවිධ මත පළ කරනවා. මහා සම්මත රජකාලේ ඉඳලා මේ පෝරුව පැවතගෙන එන බව සමහරුන්ගේ අදහසයි. මහා සම්මත රජු හා මැණික්පාලී කුමරිය අතර සිද්ද වෙච්ච විවාහ මංගල්‍යයට දස්කම් දිව්‍ය රාජයා විසින් කරපු නිර්මානයක් විදියටත් ඒ වගේම  පද්මාවතී කුමරිය බරණැස රජුට පාවා දුන් අවස්ථාවේ ඉඳලා මේ පෝරුව පැවත එන බවත් සඳහන් වෙනවා. තවත් මතයක කියවෙන විදියට සිද්ධාර්ථ යශෝදරා විවාහයේ පටන් මේ පෝරු චාරිත්‍ර ආරම්භ වුන බව පිළිගන්නා පිරිසකුත් අපි අතර ඉන්නවා. අලුත් යුවළට සෙත් ශාන්ති උදාකරන ක්‍රමයක් විදියට මේ පෝරුව චාරිත්‍ර හඳුන්වා දෙන්න පුළුවන්. පොළොවට මදක් ඉහළින් සකස් කරන පුවරුව පෝරුව ලෙස හඳුන්වන අතරේ, ගොවිතැනේදී පාවිච්චි කරන පෝරු ලෑල්ල මේ පෝරුව නිර්මාණයේදී පාවිච්චි කරන හින්දා මේ විදියට හඳුන්වනවා කියලත් කියවෙනවා.

ජීවිතයේ කෙනෙක්ට එක් වරක් විතරක් හිමිවෙන අවස්ථාවක් විදියට මේ පෝරුවට නැගීම හඳුන්වන්න පුළුවන්.  පෝරුවකට නගිනවා කියනවට වඩා ඒ ගැන බොහොම ගෞරවනීය විදියට අපේ පැරැන්නො කිව්වේ පෝරු මස්තකාරූඩ වෙනවා කියලයි. හැබැයි මේ පෝරුවට නැගීම අද වෙද්දී සමහරු විහිලුවක් බවට පත්කරගෙන තියෙනවා. දෙවෙනි තුන්වෙනි සැරේටත් පෝරුවට නගින ගැහැණු පිරිමි අද සමාජයේ අපිට අහන්න දනින්න ලැබෙනවා. මේක හරිද වැරදිද කියන එක නම් මම කියන්න දන්නේ නෑ. අද වෙද්දී විවිධ මල් වලින් සරසලා බල්බ් වැල් දාලා පෝරු නිර්මාණය කලත් අපේ සිරිත් විරිත් වල විදියට පෝරුවක් නිර්මාණය කළ යුතු ප්‍රමිතියක් තිබුණා. පෝරුවක් නිර්මාණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු තමයි මේ. පෝරුවේ හතර දිශාවට දොරටු 4ක් තියෙන්න ඕනේ. සතර දිශාවේ සතර වරම් දේව රූපත් , ඇත් හංස ලියවැල් පලාපෙති වගේ මෝස්තර වලින් අලංකාර වෙන්න ඕනේ. ඒ වගේම පෝරුවේ වියනේ රවි, චන්ද්‍ර, බුධ , ගුරු, ශක්‍ර, ශනි, රාහු, කේතු කියන නවග්‍රහ මණ්ඩලය ඇඳලා තියෙන්නත් ඕනේ.

තව දෙයක් තමයි පෝරුවේ සතර දිශාවෙන් පුන්කලස් 4ක් තියලා පහන් දැල්වීම කරන්න ඕනේ. සතරවරම් දෙවිවරුන් වෙනුවෙන් තමයි මේ විදියට පහන් දැල්වීම කරන්නේ. මනාලයා මනාලියගේ නිවසට ඇතුළු වෙන දොරටුවේ දකුණින් පිහිටන විදියට එදින ශුභ දිශාවට මුහුණලා තමයි මේ පෝරුව ඉදිකරන්න ඕනේ. සමාන්‍යයෙන් තවත් කෙනෙක් නැගපු පෝරුවකට අලුත් යුවලක් හොඳ නෑ කියලා විශ්වාසයක් අපේ පැරැන්නො අතරේ තිබිලා තියෙනවා. එතකොට වස් වදිනවනා කියලා තමයි  එයාලා කියන්නේ.
ශුභ නැකතින් ශුභ දිශාව බලලා පෝරුවට නැංවීම, අතපැන් වත්කිරීම, තැළිපිලි ඇන්දවීම, කැවුම් කිරිබත් කැවීම, හගල හුරුලු මාරු කිරීම, කිරිකඩ හේලය පිදීම, ජයමංගල ගාථා හා අෂ්ඨක කීම මේ සිරිත් විරිත් අතර ප්‍රධාන වෙනවා. මේ චාරිත්‍ර අතරින් පළමු චාරිත්‍රය වෙන්නේ පෝරුවට නැංවීමයි. පෝරුවට නංවන්න කලින් මනාලයාගේ වම් පසින් මනාලිය සිටවලා ත්‍රිවිධ රත්නයට ගාථා කීම සහ දේවාරධනා කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ සෙත් පිරිත් ගාථා මධ්‍යයේ මනාලයා සහ මනාලියගේ මාමාවරු දෙන්නෙක් මේ යුවළ පෝරුවට නැග්ගවීම සිද්ධ කරනවා. අතපැන් වත්කිරීම කියන චාරිත්‍රය අහලා දැකලා ඇතිනේ. මේ අතපැන් වත්කිරීමේ චාරිත්‍රය වෙස්සන්තර රජු දරුවන් දන්දීමේ අවස්ථාව දක්වා ඈත අතීතයට දිවෙන චාරිත්‍රයක්. මනාලිය සරණ පාවා දීමේදී අත්පැන් වක්කිරීම ඇතැම්විට මාමාවරුන්ට පැවැරෙන රාජකාරියක් වුනත් මනාලියගේ පියා මෙය කරනවා නම් තමයි හොඳ සහ සුභ වෙන්නේ. තමා සතු දෙයක් අන් අයෙක් ට පැවරීම තමයි මේ අත්පැන් වත් කිරීමෙන් සංකේතවත් වෙන්නේ. එතකොට තැළි පිළි පැළඳවීම කියන චාරිත්‍රය මගින් තමන්ට හැකි පමණින් ආභරණ හා ඇඳුම් ලබාදෙන බවට පොරොන්දු වෙනවා.

හගල හුරුලු දීම මීළඟ චාරිත්‍රයයි. දෙදෙනා අතරේ බුලත් හුරුලු හුවමාරු කිරීම මෙහිදී සිද්ධ වෙයි. මෙහිදී බුලත් හුරුලු 7ක් සැමියා විසින් බිරිඳ අතට ලබා දෙයි. මින් හඟවන්නේ සැමියා උපයන දේ නොසඟවා බිරිඳට බාරදීමයි.  එහිදී බිරිඳ සැමියාට නැවතත් බුලත් හුරුලු 6ක් ලබා දෙයි. ඉන් හඟවන්නේ තමාට ලබා දුන් මුදලින් කොටස් 6ක් නැවත සැමියාට ලබා දීමයි. මේ මුදල් ලබා දෙන්නේ මව්පියන්, ගුරුවරුන් , දරුපරපුර, ආගමට , යහළුවන්, සේවකයන් කියන සය කොටසට යුතුකම් ඉටු කිරිමටයි. 7 වෙනි බුලත් හුරුල්ල යලි නොදෙන්නේ. ඒ මුදල් කොටස දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමට යොදවන නිසායි. කිරිකඩ හේලය පිළිගැන්වීම පෝරුව චාරිත්‍ර වලදී කෙරෙන තවත් චාරිත්‍රයකි. මෙය මව් ගුණය සිහිකරමින් මනමාලියගේ දයාබර මවට කෙරෙන උතුම් පරිත්‍යාඅග්යකි. ඉතින් මෙවන් වූ සිරිත් විරිත් ගොන්නක් හා බැඳුනු මංගල පෝරුව සම්බන්ධ කටයුතු නිවැරදි අවබෝධයෙන් කිරීම වඩාත් වැදගත් වේ.
පරණ දේවල් ගැන රහට කතා කරන තවත් සටහනකින් හමුවෙමු.

ඖෂංගි ගායනා සේනානායක

Comments

  1. Excellent post. I was checking constantly this blog and I am impressed!
    Very helpful information specifically the last part �� I care for such info a lot.
    I was looking for this particular information for a long time.
    Thank you and best of luck.
    adguard free license key
    bluebeam product key
    airparrot keygen
    wps office activation code free
    lansweeper crack
    Crack Like

    ReplyDelete
  2. I really love your work it’s very beneficial to many people’s. Your blog approach helps many people like myself. Its content is very easy to understand and helps a lot,
    Do visit my site for new and Updated software:

    Lansweeper crack
    Reallusion iClone Pro Crack
    Lucky Patcher Crack
    Visuino crack

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ

යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද කියලා දන්නවද?

ශ්‍රී ලංකාවේ අපිට අති විශිෂ්ඨ අතීතයක් තිබිලා තියෙනවා. ඒ අතීතය දැන් අපිට අමතක වෙලා ගිහින් . අපේ මුතුන් මිත්තො සංස්කෘතිය සදාචාරය රැකගත්තා වගේම දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා. ඒත් ඒ තාක්ෂණය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙද්දී එක තැනකදී ඒ හැමදේම නැතිවෙලා මඟ හැරිලා යනවා. යෝධ වැව් හදපු අපි වතුර හරියට බැහැල යන කාණුවක් කපා ගන්න බැරි තරමට දුර්වල වෙලා. ඇත්තටම අපි අපි ගැන දු ක් වෙන්න ඕනේ නේද? අද මම ඔයාට කියන්නේ යෝධ ඇල ගැන.  ඒ කාලේ කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න තමයි මේ යෝධ ඇල හදලා තියෙන්නේ.. ජය ගඟ කියලා කියන්නෙත් ධාතුසේන රජතුමා හදපු මේ යෝධ ඇළ ටම තමයි. අපේ පැරැන්නන්ට තිබුණ තාක්ෂණික දැනුම කොයිතරම් ද කියලා පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ යෝධ ඇල කියලා කියන්නේ ඉතින් මේ අති විශිෂ්ඨ නිර්මාණය ගැන තමයි අද මම ඔයාට කියන්නේ.  අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කු

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා