Skip to main content

ඕප්ස් දූප්ස්...

මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද? දවල්ට කෑවේ මොනවද නොකළේ මොනාද කියලා මහ දෙයක් විදියට අරන් හොයන එක අපේ කාන්තා පාර්ශ්වයේ එදා ඉඳන් අද වෙනකන්ම තියෙන පුරුද්ද. අල්ලපු ගෙදර වෙන්නේ මොනවද කියලා හොයා ගන්න බැරිවුනොත් තමන්ගේ හිතට හිතෙන දේ ඇත්ත වගේ දැක්කා වගේ කිය කිය යන ග්‍රාමීය පුරුද්ද හින්දා කොයිතරම් ප්‍රශ්න ඇතිවෙනවද?
ගමෙන්, ගෙදරින් නවතිනවා නම් හොඳයි. ඒත් ඉතින් ඒ පුරුද්දත් එක්ක office එන ගෑණු උදවිය වගේම චීත්ත වලින් විලි වහගත්ත පිරිමි හින්දා නින්දා, ප්‍රශංසා, කටකථා කියන දේවල් පැතිරෙන්නේ ගින්නක් නැතුව. මොනවා කරන්නද ඒක ඒ අයගේ හැටිනේ කියලා අහක දැම්මට ඒකෙන් සමාජෙට ඇති වෙන්නේ ලොකු පැල්ලමක් ඕපදුප, දන්න ඉංග්‍රීසියෙන් කියනවනම් Gossip. මේවට  අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම ලැදියාව හින්දම අද අපේ රටේ ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා තියෙනවා. කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම කොටියා ආපු දවස දන්නෑ වගේ. ගොසිප් කියවලා කියවලා ඇත්තක් කිව්වත් පිළිගන්නේ නැති තැනට දැන් ඇවිත් තියෙන්නේ.
ඉස්සර අපේ අම්මා කියනවා කෙනෙක්ව අසතුටට පත්කරලා ලබන සාර්ථකත්වය නියම සාර්ථකත්වය නෙමෙයි කියලා. ඒත් දැන් මට අම්මට කියන්න වෙලා තියෙනවා  හැමෝම සතුටු කරන්න ගියොත් සාර්ථක වෙන්න වෙන්නෑ කියලා. මොකද කෙනෙක් දියුණු වෙද්දී ඉස්සරහට යද්දී සතුටු වෙන මිනිස්සු අද සමාජේ ඇතුලේ දකින්න හරි අමාරුයි.
මඟතොටේ හම්බවෙලා අත පාන මනුස්සයට රුපියල් 10 ක් 20ක් දෙන්නේ මුන් අපිට වඩා හම්බ කරනවා කියලා හිතින් බැන බැන. අනේ ඉතින් ඒ දීපු දේ වැඩක් තියෙනවද? දුන් දේ සුවඳයි කියලා කියන්නේ කටකහනවට නෙමෙයිනේ. දෙන දේ දෙන්න හිතින් අස් කරලා. දෙන එක අපරාදේ කියලා හිතෙනවනම් නොදී ඉන්න එක ඊට වැඩිය හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. මීට වඩා නම් ඉතින් කයිය ගහන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ. අදට මේ ඇතිනේ.. ඔයාටත් පුළුවන් ගයියගේ කයියත් එක්ක එකතුවෙන්න. ඔයාට හිතෙන දේ පහළින් comment කරන්න.

Comments

  1. Awesome and interesting article. Great things you've always shared with us. Thanks. Just continue composing this kind of post. visto per il Canada online

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...