Skip to main content

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා, මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා.
හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක්, ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස්, පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා.
අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො, කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ සුදුසු ද නැද්ද කියන කාරණය ගැන. වෛද්‍ය විද්‍යාවට අනුව මේ වගේ විවාහයකට ගැටලුකාරී තත්ත්වයක් තියෙනවද කියලා මම හොයලා බැලුවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුවත් බටහිර වෛද්‍ය ක්‍රමය අනුවත් මේකේ ඇති වැරැද්දක් නෑ කියලයි වෛද්‍යවරුන්ගේ විශ්වාසය. ඇවැස්ස නෑනා මස්සිනා අතර විවාහය නම් වෛද්‍යවරු අනුමත කරන්නේ නෑ. ඒ ලේ ඥාතීන් අතර සිද්ධ වෙන විවාහයක් නිසා උපදින දරුවන්ට ප්‍රවේණිගත රෝග වැළඳීමට ඉඩ තියෙන නිසයි ඇවැස්ස නෑනා මස්සිනා අතර විවාහය වෛද්‍යවරු ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් පවුලක වැඩිමහල් දෙදෙනෙක් අතර විවාහයකට වෛද්‍ය විද්‍යාත්මකව කිසිම බලපෑමක් නෑ.
කුලුඳුල් දරුවො අතර විවාහයට ඒ කාලේ දෙමව්පියො අකමැති වෙන්න එක හේතුවක් තමයි තුන් කුළුඳුල් දරුවෙක් බිහිවීම. මොකද්ද මේ තුන් කුළුඳුල් කියන්නේ? කුස ඉඳුල් කල දරුවා කියන්නේ පවුලක වැඩිමහල් දරුවට. තුන් කුළුඳුල් දරුවෙක් නම් බිහිවෙන්නේ මෙහෙමයි. පවුල් දෙකක වැඩිමහල් දරුවො දෙන්නෙක් විවාහ වෙලා ලැබෙන කුළුඳුල් දරුවෙක් එක්ක තවත් එවැනිම දරුවෙක් විවාහ වෙලා ලැබෙන දරුවා තමයි තුන් කුළුඳුල් දරුවෙක් වෙන්නේ. මේ වගේ දේවල් ඉතාමත් කලාතුරකින් සිද්ධ වෙන දේවල්.  අතීතේ තිබ්බ බිලි පූජාවන්ට මේ වගේ දරුවො බිල්ලට දෙන සිරිතක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ දරුවෙක් නිදන් හොරුන්ගෙන් බේරගන්න දෙමව්පියන්ට සිද්ධ වෙන්න ඇති.  ඒකයි මේ කුළුඳුල් දරුවො අතර විවාහයට විරුද්ධ වෙලා තියෙන්නේ.
පවුලක වැඩිමහල්  දරුවන් දෙදෙනෙක් අතර විවාහයට අකමැති වෙන්න තවත් හේතුවක් තමයි. පවුල් බර වැඩිවීම. එදා පවුලක පිරිමි දරුවන් විතරයි හම්බ කලේ. ඉතින් පවුලක වැඩිමලා දියණියක් නම් ඇයව විවාහ කරගන්න පිරිමි දරුවට ඒ පවුලේත් වගකීම් කොටසක් දරන්න සිද්ධ වුනා. ඉතින් වැඩිහිටි පිරිමි දරුවො ඉන්න දෙමව්පියො පවුලක වැඩිමහල් ගෑණු දරුවෙක්ට තමන්ගේ පුතාව විවාහ කරලා දෙන්න කැමති වුනේ නෑ. ඔන්න ඔය හින්දා ඒ දෙමව්පියො කිව්වා කුළුඳුල් දරුවො අතර විවාහය සුදුසු නෑ කියලා.
ඉස්සර වගේම දැනටත් යම් තරමකට අත් විඳින්න තියෙන සිරිතක් තමයි මහගෙදර පවුලේ බාලයාට හිමි වීම. ඉතින් ගැහැනු දරුවන්ගේ දෙමව්පියො වැඩි දෙනෙක් උත්සහ කලේ පවුලක බාලයෙකුට තමන්ගේ දුවව විවාහ කරලා දෙන්න. වැඩිමහල් පුතෙකුට විවාහ කරලා දුන්නම ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතිවෙනවා කියලා මතයක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් වැඩිමහල් දරුවො දෙන්නෙක් අතර විවාහය සිද්ද වුනොත් දේපොළ ලැබීම අවම වෙන හින්දා ගැහැණු දරුවන්ගේ දෙමව්පියොත්  මේ කුළුඳුල් විවාහ වලට අකමැති වුනා. ඔය කිව්ව කාරණා නිසා තමයි කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියල ආකල්පයක් ගොඩ නැගිලා තියෙන්නේ. හැබැයි ඒ ආකල්පය නං දැන් ටිකක් වෙනස් වුනොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

ඖෂංගි ගායනා සේනානායක

Comments

  1. මට ප්‍රශ්නයක් තියෙනවා..ඒකෙදි ඒ හම්බෙන ළමයට හරි ඒ බදින කුළුදුල් ජොඩුවට හරි ජිවිත අවදානමක් තියෙද?

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කියන්නෙ.. එහෙම ප්‍රශ්නයක් නෑනෙ

      Delete
  2. අපි අහල තියෙන්නෙ සීයත් වැඩිමල්.. තාත්තත් වැඩිමල්නම් වැඩි මල් පුතා තුන් කුලුදුල් කියලා.. එහෙම නෙවෙයි
    ද?

    ReplyDelete
  3. මේ වගේ විවාහ වුනාම කාටවත් ගැටලුවක් වෙනවාද පවුලේ අයට හා විවාහ වෙන අයට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සකල කලාවට අධිපතිනිය සරස්වතීදේවිය ගැන කතාව...

අපේ රටේ පැරණි ජන සමාජය ඇතුලේ දේව වන්දනාව ගහට පොත්ත වගේ බැඳිලා තිබුණ දෙයක්. අදටත් දෙවියන් කෙරෙහි අපේ විශ්වාසය අඩුවක් නැතුව තියෙනවා. ඉතින් අද මම ඔයාට ලියන්නේ සරස්වතී මෑණියෝ ගැන. අධ්යාපනයේ මිණි පහන විදියටත් සකල කලාවන්ට අධිපතිනිය විදියටත් ඇය ගැන අපේ සමාජයේ ජනතාව අතරේ කතාබහට ලක්වෙනවා. ඉතින් මේ සරස්වතී දේවීය ගැන පුරාණ දේව කතාවල , ජනප්රවාද වල කියවෙන්නේ මොනවද කියලා ත මයි අද මම ඔයාට ලියන්නේ.. සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්රවාද වල කියවෙන ලස්සන කතා තියෙනවා. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවියඉපදුනා කියලා තමයි කියවෙන්නේ. ඔය විදියට මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳද මේ ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා. අතීත ජනකථා, ජනප්රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...