මට හිතෙන හැටියට ගම්ගොඩේ ගෑණුන්ගේ ගති ස්වභාව තාමත් අපේ අයගෙන් ඈත්වෙලා නෑ. අල්ලපු ගෙදර මිනිස්සු එන්නේ යන්නේ කීයටද? දවල්ට කෑවේ මොනවද නොකළේ මොනාද කියලා මහ දෙයක් විදියට අරන් හොයන එක අපේ කාන්තා පාර්ශ්වයේ එදා ඉඳන් අද වෙනකන්ම තියෙන පුරුද්ද. අල්ලපු ගෙදර වෙන්නේ මොනවද කියලා හොයා ගන්න බැරිවුනොත් තමන්ගේ හිතට හිතෙන දේ ඇත්ත වගේ දැක්කා වගේ කිය කිය යන ග්‍රාමීය පුරුද්ද හින්දා කොයිතරම් ප්‍රශ්න ඇතිවෙනවද?
ගමෙන්, ගෙදරින් නවතිනවා නම් හොඳයි. ඒත් ඉතින් ඒ පුරුද්දත් එක්ක office එන ගෑණු උදවිය වගේම චීත්ත වලින් විලි වහගත්ත පිරිමි හින්දා නින්දා, ප්‍රශංසා, කටකථා කියන දේවල් පැතිරෙන්නේ ගින්නක් නැතුව. මොනවා කරන්නද ඒක ඒ අයගේ හැටිනේ කියලා අහක දැම්මට ඒකෙන් සමාජෙට ඇති වෙන්නේ ලොකු පැල්ලමක් ඕපදුප, දන්න ඉංග්‍රීසියෙන් කියනවනම් Gossip. මේවට අපේ මිනිස්සුන්ගේ තියෙන කෑදරකම ලැදියාව හින්දම අද අපේ රටේ ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා තියෙනවා. කොටියා ආවෝ ආවෝ කියලා ඇත්තටම කොටියා ආපු දවස දන්නෑ වගේ. ගොසිප් කියවලා කියවලා ඇත්තක් කිව්වත් පිළිගන්නේ නැති තැනට දැන් ඇවිත් තියෙන්නේ.
ඉස්සර අපේ අම්මා කියනවා කෙනෙක්ව අසතුටට පත්කරලා ලබන සාර්ථකත්වය නියම සාර්ථකත්වය නෙමෙයි කියලා. ඒත් දැන් මට අම්මට කියන්න වෙලා තියෙනවා හැමෝම සතුටු කරන්න ගියොත් සාර්ථක වෙන්න වෙන්නෑ කියලා. මොකද කෙනෙක් දියුණු වෙද්දී ඉස්සරහට යද්දී සතුටු වෙන මිනිස්සු අද සමාජේ ඇතුලේ දකින්න හරි අමාරුයි.
මඟතොටේ හම්බවෙලා අත පාන මනුස්සයට රුපියල් 10 ක් 20ක් දෙන්නේ මුන් අපිට වඩා හම්බ කරනවා කියලා හිතින් බැන බැන. අනේ ඉතින් ඒ දීපු දේ වැඩක් තියෙනවද? දුන් දේ සුවඳයි කියලා කියන්නේ කටකහනවට නෙමෙයිනේ. දෙන දේ දෙන්න හිතින් අස් කරලා. දෙන එක අපරාදේ කියලා හිතෙනවනම් නොදී ඉන්න එක ඊට වැඩිය හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. මීට වඩා නම් ඉතින් කයිය ගහන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ. අදට මේ ඇතිනේ.. ඔයාටත් පුළුවන් ගයියගේ කයියත් එක්ක එකතුවෙන්න. ඔයාට හිතෙන දේ පහළින් comment කරන්න.
Awesome and interesting article. Great things you've always shared with us. Thanks. Just continue composing this kind of post. visto per il Canada online
ReplyDelete